Skip to main content

Posts

තවත් රටවල් ගානකට යටත් වෙමින් සමරන නිදහස

අභිමානයෙන් සමරන ලැජ්ජ නැති නිදහස

තුන් මසකට පෙර මිය ගිය වෙරළ වොලිබෝල් විරුවා

ඒ 2003 වර්ෂයේ බක්‌ මාසයයි. ශ්‍රී ලංකා වොලිබෝල් ක්‌ෂේත්‍රයේ අලුත්ම සාමාජිකයා වූ වෙරළ වොලිබෝල් තරග මාලාවක්‌ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර සංචාරය යෙදී තිබුණේ 2003 අප්‍රේල් මාසයේ තායිලන්තයේ - පතලොන් සහ zසොන්ක්‌ලාZ නගරවල පැවැත්වෙන හතර වැනි - ලෝමාසමිලා zආසියා පැසිµsක්‌ කලාපීය බීච් වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගිවීමටය. ගුවන් ප්‍රවේශපත්, ආහාර පාන, ක්‍රීඩා ඇඳුම් සොයාගැනීම වැනි බාධක රාශියක්‌ මධ්‍යයේ ආරම්භ වූ බීච් වොලිබෝලයේ කුළුදුල් ජාත්‍යන්තර සංචාරයේ කළමනාකරු වීමේ භාග්‍ය මෙන්ම වගකීම ද මා වෙත හිමිව තිබෙන ලදි. ඒ සියලු භාරදූර වගකීම් මෙන්ම අභියෝග ද හමුවේ ඒවාට මුහුණදීමේදී නොසැලෙන ඉන්ද්‍රකීලයක්‌ සේ මා පසුපස සිටි දැවැන්තම හස්‌තය වූයේ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‌ෂේත්‍රයේ ප්‍රථම ජාතික පුහුණුකරු ධුරය හිමිකර ගැනීමේ භාග්‍යලත් ප්‍රසන්න උදය කුමාර මහතාය.    කොළඹින් බැහැර ගලේවෙල දේවහුව ප්‍රදේශයේ උපත ලද ප්‍රසන්න උදයකුමාර කුඩාකල සිට ක්‍රීඩාවට දැක්‌වූ කුසලතා හේතුවෙන් තම ස්‌වඋත්සාහයෙන්ම ජාතික තරුණ සේවා සභාව ඔස්‌සේ ජාතික මට්‌ටමට එක්‌වූ ක්‍රීඩකයෙකි. 1992 වර්ෂයේ මාගේ ප්‍රථම ජාත්...

ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුවට සර්බියානු පුහුණුකරුවෙක්

දෙවසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා සර්බියානු ජාතික වොලිබෝල් පුහුණුකරුවෙකු ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත. ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් මෙම පුහුණුකරු ලංකාවට ගෙන්වන අතර ඒ සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුම දැනටමත් සකස් කර ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස් නාලක මහතා පවසයි.   දේජාන් වුලිසිවික් නම් වූ මෙම වොලිබෝල් පුහුණුකරුගේ කොන්ත්‍රාත් කාලයේදී ඔහුගේ මාසික වේතනය ඇමරිකානු ඩොලර් 3500 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 5 ඉක්මවයි.    ලබන සැප්තැම්බර් 15 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක පැවැත්වීමට නියමිත 2018 ආසියානු අභියෝග කුසලතා පිරිමි තරගාවලිය සඳහා කණ්ඩායම මෙහෙයවීම සර්බියානු විශේෂඥ පුහුණුකරුට හිමිවන ප්‍රධාන ඉලක්කයයි. රටවල් 8 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේදී ශ්‍රී ලංකාව පළමු කණ්ඩායම් 3 අතරට ගෙන ආයුතු බව එම පුහුණුකරුවාට දී ඇති ඉලක්කයයි.    පළමු වසර ඇතුළත දී දක්වන ප්‍රගතිය මත කොන්ත්‍රාත් කාලය දෙවැනි වසර දක්වා දීර්ඝ කිරීමට පුහුණුකරු හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එකඟතා ගිවිසුමකට එළඹෙනු ඇත. ...

වොලිබෝල් ක්‍රීඩාවේ වර්තමාන තුරුම්පුව

ලාංකේය වොලිබෝල් පිටියේ ක්‍රීඩකයකු - පුහුණුකරුවකු ලෙස සුවිශාල භූමිකාවකට පණපොවන සමන්සිරි සෙනෙවිරත්න සමඟ කළ කතාබහට වෙන්කළ ඉඩකඩයි මේ. වොලිබෝල් ක්‍රීඩාව හා බැඳුණු දීර්ඝ ඉතිහාසයක් ඔබටත් උරුමයි. ඒ දිහා හැරිලා බලනකොට මොනවද හිතෙන්නේ? ඔව්. අවුරුදු 20 - 25 ක වගේ දීර්ග ඉතිහාසයක් තියෙනවා. අපේ කාලයේ පාසල් වොලිබෝල් එක්ක බලනකොට අද දියුණු තත්ත්වයක තියෙනවා. අපේ කාලයේ ගත්තොත් මෙච්චර පහසුකම් තිබුණේ නෑ. අපි සාග් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනාගෙන තියෙනවා. ආසියානු මට්ටමේ කතාබහට ලක්වන විදියට අපි උඩට ඇවිත් තියෙනවා. මට මතකයි ඒ දවස්වල ඔය මොකක් හරි බස් එකක එල්ලිලා ඇවිත් මැච් ගහනවා. සුගතදාස පිට්ටනියත් දැන් වාගේ හම්බවෙන්නේ නෑ. මොනවා වුණත් මේ කටුක ඉතිහාසය චරිත රත්වත්තේ මහත්තයාගේ කාලයේ තමයි වෙනස් වුණේ. තරුණ සේවා ග්‍රවුන්ඩ් එක පවා කලාතුරකින් හම්බ වුණේ. හැබැයි මේ හැම දෙයක්ම එක්කම දැන් අයට වඩා අපට ලොකු උනන්දුවක් තිබුණා. ඔබේ පාසල් කාලය? ඉස්සෙල්ලාම ගියේ කොස්වාඩිය විද්‍යාලයට. ඊට පස්සේ මහවැවට ගියා. මගේ වොලිබෝල් ජීවිතය පටන් ගත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයෙන්. ඒ කාලයේ පාසල් මට්ටමේ ශූරතා ...

වොලිබෝලෙට ආදරෙ නම්

වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පවතින ක්‍රීඩා අතළොස්‌සක්‌ අතරින් ඉහළින්ම පවතින ක්‍රීඩාවක්‌ බව ඇත්තකි. එසේම එය මෙරට ජාතික ක්‍රීඩාව ලෙස ද සැලකේ. නමුත් මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබොල් ක්‍රීඩාවට දකුණු ආසියාවෙන් එහාට යැමට තරම් නොහැකි වීම තුළ කොතන හෝ ගැටලුවක්‌ තිබෙන බව පෙනේ. මේ නිසාම ශ්‍රී ලංකා බොලිබෝල් සම්මේලනය පසුගිය කාලය පුරාම ඒ සඳහා විසඳුම් සෙවීමේ විවිධ ක්‍රමෝපායන්, පියවර ගන්නා අයුරුද පෙනේ.    ජාතික තලයට ගමේ සිටින දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන ඒමේ එවැනි එක්‌ සාර්ථක ක්‍රමෝපායක්‌ වන්නේ මෙරට තුළ පවතින වෙළෙඳ ආයතන සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුග්‍රාහකත්ව මත ශ්‍රී ලංකාවේ සියලුම කලාප ආවරණය වන ලෙස වොලිබෝල් ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීමයි. ගෙවී ගිය කාලයේ පැවැති මන්චී කුසලාන, ඩී. එස්‌. අයි. කුසලාන සහ ඩයලොග් ජනාධිපති රන් කුසලාන ජාතික වොලිබෝල් තරගාවලි මෙහිදී මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මනා පිටිවහලක්‌ විය.    එළැඹෙන වසරේ (2018) වොලිබෝල් ජාතික ක්‍රීඩා සංචිතය බිහිවන්නේ ඉකුත් තරගාවලි පුරා සිය හැකියාවන් විදහපෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනි. ...

මෙතෙක් වසර කීපයක් වයඹින් ගිලිහී ගිය පාසල් බාලක වොලිබෝලය සබරගමුවෙන් උදුරා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සරෙත් ,මාරවිල සේවියර් විද්‍යාලත් සමත් විය.

 වසර කීපයක් වයඹින් ගිලිහී ගිය පාසල් බාලක වොලිබෝලය සබරගමුවෙන් උදුරා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සරෙත් ,මාරවිල සේවියර් විද්‍යාලත් සමත් විය. සබරගමුව ගත් කල රුවන්වැල්ල රාජසිංහ ව්ද්‍යාලය පාසල් වොලිබෝලය මෙන්ම විවුර්ත අංශයේද ජයකෙලි නංවන පාසලකි.නමුත් ඔවුන්ගේ ආදීපත්‍ය වයඹ හමුවේ මේ වන විට ගිලිහෙමින් පවති. මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය පාසල් වොලිබෝල් ඉතිහාසයේ බිඳෙන් බිඳ තමන්ට හිමි ස්ථානයන් ආක්‍රමණය කරනවා. ඒ අනුව ඔවුන් 2015 වසරේ දී වයස අවුරුදු 15න් පහළ ජාතික පාසල් ශූරතාවත් සහ වයස අවුරුදු 17න් පහළ එම තරගාවලියේම අනු ශූරතාවත් හිමි කර ගන්නවා. අනතුරුව 2016 වසරේ දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ අනු ශූරතාවත් 16න් පහළ ශූරතාවත් දිනා ගන්නවා. එම වසරේම වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ පාසල් ජාතික වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. මේ දක්ෂතාත් සමඟින් ගෙවී යන වසරේ (2017) පාසල් වොලිබෝල් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට ඔවුන්ට හැකි විය. ඒ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ යන වයස් කාණ්ඩවල දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ ශූරතා ත...

2018 සැප්තැම්බර් මස පැවැත්වෙන ආසියානු ශූරතාවලියට සත්කාරකත්වය සොයන ශ්‍රී ලංකාව

ආසියානු වොලිබෝල් සමුළුවට පළමු වතාවට හඳුන්වා දෙන පළමු ආසියානු අභියෝග ශූරතා (පිරිමි) තරගාවලියේ සත්කාරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවී සිටින බව වාර්තාවේ. එම තරගාවලිය ලබන සැප්තැම්බර් 15 සිට 22 දක්වා පැවැත්වීමට ආසියානු වොලිබෝල් සමුළුව දැනට සැලසුම් කර තිබේ. රටවල් අටක් සහභාගි වන එම තරගාවලියේ සත්කාරය බාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතර මූලික  සාකච්චාවක් ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුණහොත් වසර 101ක් පිරෙන ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ වොලිබෝල් තරගාවලියක ශ්‍රී ලංකාව සත්කාරය දරන පළමු අවස්ථාව එය වනු ඇත. ශ්‍රී ලංකාව අවසන් වරට 2012 ආසියානු යොවුන් පිරිමි (කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ) වොලිබෝල් තරගාවලිය කොළඹදී සංවිධානය කරමින් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලිය අවසන් වරට සත්කාරය දරා තිබේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව  සත්කාරය දරන්නේ නම් ඒ සඳහා රුපියල් මිලියන 60 ක පමණ වියදමක් දැර...