වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්‌සක් මුල්ලක් නෑර පවතින ක්‍රීඩා අතළොස්‌සක් අතරින් ඉහළින්ම පවතින ක්‍රීඩාවක් බව ඇත්තකි. එසේම එය මෙරට ජාතික ක්‍රීඩාව ලෙස ද සැලකේ. නමුත් මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබොල් ක්‍රීඩාවට දකුණු ආසියාවෙන් එහාට යැමට තරම් නොහැකි වීම තුළ කොතන හෝ ගැටලුවක් තිබෙන බව පෙනේ. මේ නිසාම ශ්‍රී ලංකා බොලිබෝල් සම්මේලනය පසුගිය කාලය පුරාම ඒ සඳහා විසඳුම් සෙවීමේ විවිධ ක්‍රමෝපායන්, පියවර ගන්නා අයුරුද පෙනේ. ජාතික තලයට ගමේ සිටින දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන ඒමේ එවැනි එක් සාර්ථක ක්‍රමෝපායක් වන්නේ මෙරට තුළ පවතින වෙළෙඳ ආයතන සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුග්‍රාහකත්ව මත ශ්‍රී ලංකාවේ සියලුම කලාප ආවරණය වන ලෙස වොලිබෝල් ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීමයි. ගෙවී ගිය කාලයේ පැවැති මන්චී කුසලාන, ඩී. එස්. අයි. කුසලාන සහ ඩයලොග් ජනාධිපති රන් කුසලාන ජාතික වොලිබෝල් තරගාවලි මෙහිදී මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මනා පිටිවහලක් විය. එළැඹෙන වසරේ (2018) වොලිබෝල් ජාතික ක්‍රීඩා සංචිතය බිහිවන්නේ ඉකුත් තරගාවලි පුරා සිය හැකියාවන් විදහපෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනි. ...
ජාතික ක්‍රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්