Skip to main content

Posts

Showing posts from December 6, 2017

2010 තරුණ සේවා - රූපවාහිනී සුපර් ලීග්වොලිබෝල් පිරිමි සූරතාව ගුවන් හමුදාවටකාන්තා සූරියෝ තරුණ සේවා සභාවෙන්

කාන්තා ශූරතාව හිමි කර ගත් ජාතික තරුණ සේවා කණ්ඩායමේ නායිකාව මධුශිකා රත්නසිරි තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම හා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති හා නියෝජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා යන මහතුන් අතින් ශූරතා සංකේතය මුදල් ත්‍යාගය රු. 150,000 ලබාගත් අවස්ථාවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාද මෙහි දැක්වේ. ඡායාරූපය - මහරගම විශේෂ ජාතික තරුණ සේවා සභාව, යෞවන කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරන ලද 26 වන තරුණ සේවා රූපවාහිනී සුපර් ලීග් වොලිබෝල් අභියෝගතා තරගාවලියේ සූරතා (පිරිමි) ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ (කාන්තා) ජාතික තරුණ සේවා සභා කණ්ඩායම හිමි කර ගනිති. මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 52 ක් සහ කාන්තා කණ්ඩායම් 28 ක් සහභාගි වූහ. මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ උතුරු නැගෙනහිර නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් වීමයි. අවසන් මහා තරගවලට කාන්තා අංශයෙන් ජාතික තරුණ සේවා සභා කණ්ඩායමත් මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සුදුසුකම් ලැබූහ. පෙරේදා රාත්‍රියේ මහරගම තරුණ මධ්‍යස්ථාන ගෘහස...

2016 - තරුණසේවා වොලිබෝල් පිටියේ දී යුද හමුදාව අණසක පතුරවයි

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධාන කළ 30 වැනි ‘තරුණ සේවා - රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල්’ තරගාවලියේ සුපර්ලීග් කාන්තා/පිරිමි ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් සමත් විය. මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේදී සුපර් ලීග් පිරිමි අවසන් තරගයේදී යුද හමුදා හමුවේ විදුලිබල මණ්ඩල කණ්ඩායම 3-0කින් පරාජයට පත් විය. ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ මුල් වට දෙක ජය ගැනීමට යුද හමුදාව සමත් වූයේ 25-20ක් හා 25-17ක් ලෙසිනි. එහෙත් තෙවැනි වටයේදී සාර්ථක යළි තරගයට අවතීර්ණ වූ විදුලිබල ක්‍රීඩකයෝ තෙවැනි හා සිවුවැනි වට ජය ගනිමින් සම තත්වයට පිවිසියේය. එම වටයන් නිමාවූයේ ලකුණු 25-21ක් හා 27-25ක් ලෙසිනි. එහෙත් යළි ක්‍රියාත්මක වූ යුද හමුදාව ලකුණු 15-0ක් පස්වැනි වටය ජය ගත්තේ සුපර් ලීග් කිරුළට හිමිකම් කියමිනි. සුපර් ලීග් කාන්තා අවසන් තරගයේදී නාවික හමුදාව වට 3-1කින් පරාජය කිරීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ. තරගයේ පළමු වටය 25-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූවද ලකුණු 25/19, 25/21 හා ...

කඩ්ඩේ රැස්‌ නැත' මහඋස්‌වැව ශ්‍රී රතනපාල විදුහලේ දරුවන්ගේ කතාව

* ඉස්‌කෝලෙ ඉංග්‍රීසි උගන්වන්න පටන් ගන්නේ පාන්දර 5 ට * ගුරුතුමා ඉස්‌කෝලෙට එන්නෙ කිලෝමීටර 40 මෝටර් සයිකල් පැදන් * දරුවො ඉංග්‍රීසි කතා කරන්නෙ එංගලන්තෙ ළමයි වගේ නගරයේ උසස්‌ පාසලක සිසු දරුවනට මෙන් තමනටද ඉතා උසස්‌ ලෙස ඉංග්‍රීසි භාෂාව, වතුර මෙන් චතුර ලෙස කතා කළ හැකි බව ඒ ගම්බද දරුවෝ ක්‍රියාවෙන්ම රටට ඔප්පු කළහ. "කඩුව" නමැති ආයුධය තමන්ටද හොඳින් භාවිත කළ හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. ඉංග්‍රීසි කතා කිරීම නගරයේ දරුවන්ට "අරුමයක්‌" නොවෙතත්, අඩු තරමේ ඉංග්‍රීසි පත්තරයක්‌ වත් නැති, ඉංග්‍රීසි අකුරකුදු නොදන්නා හේන්, කුඹුරු ගොවීන්ගේ දූ පුතුන් වන ගැමි දරුවනට නම් ඉංග්‍රීසිය කරුමයක්‌මය. එසේ තිබියදී මේ ගම්බද දරුවෝ ඒ දස්‌කම කළේ කෙසේද...? ඉංග්‍රීසි කතා කරන ඉස්‌කෝලෙ සොයා මම බොහෝ දුරක්‌ ගියෙමි. ගම්බද පාසල්වලද, ගැමි දරුවන්ගේ දෙමාපියන්ගේද ආර්ථික දුෂ්කරතාව, අසීරු ජීවන රටාව හොඳින් හඳුනන මා අතරමගදී දිගටම සිතමින් ගියේ දරුවන් මේ අසීරු ක්‍රියාවලිය කෙසේ සිදු කරන්නේ දැයි සිතමිනි. ආණමඩුව නගරයේ සිට නවගත්තේගම මාර්ගයේ කිලෝමීටර් දොළහක්‌ පමණ දුර ගෙවා ගොවීන් වෙසෙන මහඋස්‌වැව ප්‍රදේශයේ මහඋස්‌වැව ශ්‍රී රතන...