ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධාන කළ 30 වැනි ‘තරුණ සේවා - රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල්’ තරගාවලියේ සුපර්ලීග් කාන්තා/පිරිමි ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් සමත් විය.
මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේදී සුපර් ලීග් පිරිමි අවසන් තරගයේදී යුද හමුදා හමුවේ විදුලිබල මණ්ඩල කණ්ඩායම 3-0කින් පරාජයට පත් විය. ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ මුල් වට දෙක ජය ගැනීමට යුද හමුදාව සමත් වූයේ 25-20ක් හා 25-17ක් ලෙසිනි. එහෙත් තෙවැනි වටයේදී සාර්ථක යළි තරගයට අවතීර්ණ වූ විදුලිබල ක්‍රීඩකයෝ තෙවැනි හා සිවුවැනි වට ජය ගනිමින් සම තත්වයට පිවිසියේය. එම වටයන් නිමාවූයේ ලකුණු 25-21ක් හා 27-25ක් ලෙසිනි. එහෙත් යළි ක්‍රියාත්මක වූ යුද හමුදාව ලකුණු 15-0ක් පස්වැනි වටය ජය ගත්තේ සුපර් ලීග් කිරුළට හිමිකම් කියමිනි.
සුපර් ලීග් කාන්තා අවසන් තරගයේදී නාවික හමුදාව වට 3-1කින් පරාජය කිරීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගයේ පළමු වටය 25-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූවද ලකුණු 25/19, 25/21 හා 25/20ක් ලෙස ඉතිරි වට තුන පිට පිට ජය ගනිමින් ශූරතාව දිනා ගැනීමට යුද හමුදා පිලට හැකි විය. ජයග්‍රාහී යුද හමුදා කණ්ඩායම් දෙකට කුසලාන සමගින් රුපියල් ලක්ෂය බැගින් පිරිනැමුණු අතර අනුශූරයන්ට රු.75000 බැගින් පිරිනැමුණි.
යෞවන සමාජ සඳහා පැවැති අභියෝග ශූරතා පිරිමි තරගයේ ජය කළුතර, මොරගල්ල යෞවන සමාජ කණ්ඩායම හිමිකර ගත්තේ වට 3-0ක් ලෙස ගම්පහ, රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් යෞවන සමාජ පරාජයට පත් කරමිනි. එහි කාන්තා අවසන් තරගයේ ජය තොඩුවාව යෞවන සමාජ කණ්ඩායමට හිමි තිබිණි.
සුපර් ලීග් අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යුද හමුදාවේ මෙත්මල් වසන්තප්‍රියද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස යුද හමුදාවේම තිළිණි වාසනා පෙරේරාද සම්මාන දිනාගත් අතර අභියෝග ශූරතා අංශයෙන් ඩෙවෝන් ඉෂාර (මොරගල්ල) හා එම්.පී.එම්.ප්‍රබෝධනී (තොඩුවාව) දක්ෂතම සම්මාන දිනා ගත්හ.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධනත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
දක්ෂත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුපර් ලීග් පිරිමි
දක්ෂතම ක්‍රීඩකයා - මෙත්මල් වසන්තප්‍රිය (යුද)
දක්ෂතම පන්දු පිරිනමන්නා-සඳුන් විමලසේන (විදුලිබල)
දක්ෂතම පන්දු ලබාගන්නා - දුලාර චන්ද්‍රසේන (විදුලිබල)
දක්ෂතම පන්දු ඔසවන්නා - ඩබ්.ජී.මහේෂ් (යුද)
දක්ෂතම ප්‍රහාරකයා - දීප්ත රොමේෂ් (විදුලිබල)
දක්ෂතම වළක්වන්නා - වසන්ත ලක්මාල් (යුද)
දක්ෂතම පිටිය ආරක්ෂා කරන්නා - මධුෂ වික්‍රමසිංහ (යුද)
සුපර් ලීග් කාන්තා
දක්ෂතම ක්‍රීඩිකාව - තිළිණි වාසනා පෙරේරා (යුද)
දක්ෂතම පන්දු පිරිනමන්නිය - කේ.යූ.ජී.ඒ.වසන්ති (යුද)
දක්ෂතම පන්දු ලබාගන්නිය - තිළිණි වාසනා (යුද)
දක්ෂතම පන්දු ඔසවන්නිය - තිළිණි ශර්මිලා (යුද)
දක්ෂතම ප්‍රහාරිකාව - නිලන්තිකා සංජීවනී (නාවික)
දක්ෂතම වළක්වන්නිය - අයේෂා මධුෂිකා (යුද)
දක්ෂතම පිටිය ආරක්ෂා කරන්නිය - සජිනි මේනකා හේරත් (නාවික)
අභියෝග ශූරතා පිරිමි
දක්ෂතම ක්‍රීඩකයා - ඩෙවෝන් ඉෂාර (මොරගල්ල)
දක්ෂතම පන්දු පිරිනමන්නා - චතුර ප්‍රබුද්ධ (ගෝල්ඩන් බර්ඩ්ස්)
දක්ෂතම පන්දු ලබාගන්නා - අශේන් සුමියුරු (මොරගල්ල)
දක්ෂතම පන්දු ඔසවන්නා - හෂාන් මාලක (මොරගල්ල)
දක්ෂතම ප්‍රහාරකයා - තිසුරු ලක්ෂාන් (මොරගල්ල)
දක්ෂතම වළක්වන්නා - ධනුක ප්‍රසන්න (මොරගල්ල)
දක්ෂතම පිටිය ආරක්ෂා කරන්නා - සහන් චතුරංග (ගෝල්ඩන් බර්ඩ්ස්)
අභියෝග ශූරතා කාන්තා
දක්ෂතම ක්‍රීඩිකාව - ආර්.එම්.පීරිස් (තොඩුවාව)
දක්ෂතම පන්දු පිරිනමන්නිය - එම්.පී.එම්.ප්‍රබෝධනී (තොඩුවාව)
දක්ෂතම පන්දු ලබාගන්නිය - ඩබ්.අයි.ජේ.ප්‍රනාන්දු (තොඩුවාව)
දක්ෂතම පන්දු ඔසවන්නිය - යූ.ඩී.ඒ.ප්‍රනාන්දු (තොඩුවාව)
දක්ෂතම ප්‍රහාරිකාව - ඩබ්.ඒ.එම්.ආර්.කෞෂල්‍යා (තොඩුවාව)
දක්ෂතම වළක්වන්නිය - එච්.ජී.එස්.ලක්මානි (විජයබා)
දක්ෂතම පිටිය ආරක්ෂා කරන්නිය - ඒ.එස්.ප්‍රබෝධා (විජයබා
Comments
Post a Comment