ලාංකේය වොලිබෝල් පිටියේ ක්‍රීඩකයකු - පුහුණුකරුවකු ලෙස සුවිශාල භූමිකාවකට පණපොවන සමන්සිරි සෙනෙවිරත්න සමඟ කළ කතාබහට වෙන්කළ ඉඩකඩයි මේ. වොලිබෝල් ක්‍රීඩාව හා බැඳුණු දීර්ඝ ඉතිහාසයක් ඔබටත් උරුමයි. ඒ දිහා හැරිලා බලනකොට මොනවද හිතෙන්නේ? ඔව්. අවුරුදු 20 - 25 ක වගේ දීර්ග ඉතිහාසයක් තියෙනවා. අපේ කාලයේ පාසල් වොලිබෝල් එක්ක බලනකොට අද දියුණු තත්ත්වයක තියෙනවා. අපේ කාලයේ ගත්තොත් මෙච්චර පහසුකම් තිබුණේ නෑ. අපි සාග් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනාගෙන තියෙනවා. ආසියානු මට්ටමේ කතාබහට ලක්වන විදියට අපි උඩට ඇවිත් තියෙනවා. මට මතකයි ඒ දවස්වල ඔය මොකක් හරි බස් එකක එල්ලිලා ඇවිත් මැච් ගහනවා. සුගතදාස පිට්ටනියත් දැන් වාගේ හම්බවෙන්නේ නෑ. මොනවා වුණත් මේ කටුක ඉතිහාසය චරිත රත්වත්තේ මහත්තයාගේ කාලයේ තමයි වෙනස් වුණේ. තරුණ සේවා ග්‍රවුන්ඩ් එක පවා කලාතුරකින් හම්බ වුණේ. හැබැයි මේ හැම දෙයක්ම එක්කම දැන් අයට වඩා අපට ලොකු උනන්දුවක් තිබුණා. ඔබේ පාසල් කාලය? ඉස්සෙල්ලාම ගියේ කොස්වාඩිය විද්‍යාලයට. ඊට පස්සේ මහවැවට ගියා. මගේ වොලිබෝල් ජීවිතය පටන් ගත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයෙන්. ඒ කාලයේ පාසල් මට්ටමේ ශූරතා ...
ජාතික ක්‍රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්