Friday, December 1, 2017

පරණ දක්ශයන් අමතක වොලිබෝල් කළාව

වසර 100 ක් පසු කර ජාතික ක්‍රීඩාවේ ඉහල තලයක සිටින ශ්‍රී ලංකාවේ අතීතය වර්තමානය තරම් සුන්දර නැත.අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත ආ ජාතික ක්‍රීඩාව රැක ගැනීමට අන්තර්ජාතික තලයේ ඔසවා තැබීමට් ගමින් අල බතල කා කිලෝ මිටර ගනන් දුර ගෙවා විත් ජය කනුව පසු කලේ රටට කීර්තියක් ලබා දීමටය.එවන් ක්‍රීඩා දක්ශතා සපිරි අය මධ්‍ය කාල්‍යේදී බිහි උනේ ඉතාම දුශ්කර ගමන් මගක පැමිනිමෙනි.එමෙන්ම ඔවුන් ආර්ථික අතින්ද ඉතාම පහත් මට්ටමක සිටියහ.විශේශයෙන් 90 දශකයේදී ශ්‍රී ලංකාව තුල රාජ්‍ය මට්ටමින් ක්‍රීඩාවට අත දුන් අතර එයින් යම් තාක් දුරට ඔවුන්ගේ අඩු පාඩු ඇකී ගියහ.නමුත් මළල ක්‍රීඩාවෙන් ජය ලැබූ සමහරුන්ට දිවි සරු වුවද ජාතික ක්‍රීඩාවෙන් ජය ලැබුවන් අද,????පිලිතුරු රහිතය.එක්කෝ ලංකාවෙ නොමැත නැත්නම් දවසේ කුලියට සෙවය කරන්නන් ය.එහෙත් වර්තමානයේ නම් ක්‍රිඩික ක්‍රීඩිකාවන්ට ඕනෑ තරම් පහසුක ,සංචාර,ආයතන ඕනාවටත් වැඩියෙන් ඇත
මෙය පසෙකට තබා මෙහි සදහන් ක්‍රීඩිකාව ගැන කියනවානම් 1990 දශකයේ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම උඩු යටි කුරු කල එක් ක්‍රීඩිකාවක් කිව හැකිය.
සන්ධ්‍යා සදලේඛා කීවම 2000 ට එහා බොහෝ පිරිස හොදින් දන්නා කෙනෙකි.
ශ්‍රී.ලංකාවට හිමි එකම දකුණු ආසියාතික රන් පදක්කම එදා කොලඹදී ප්‍රබල ඉන්දියාව පරදවා  ලබා දීමට මැය ලබා දුන් දක්ශතාවය මෙය ලියන මාද සිඇසින් දැක්කෙමි.
එහෙත් ඇය අද ගිලන්වය,අසරනය,රාජ්‍ය අංශයෙන් ලැබෙන උපකාර මදය
මෙලෙස රටට කීර්තියක ලබා දුන මෙවන් අයට ක්‍රීඩා අමාත්‍යංශයේ සහය ලබා දිඅ යුතුය.විශාල.මුදලක් වැය වන පිලිකා වැනි රෝග සදහා අමුතුවෙන් ඔබට කිව නොහැක

සෙනිට්බ් ක්‍රීඩා සමාජයේ අපිද මේ වන් විට යම් තාක් දුරට ඇයට සහනය.ලබා දීමට සැරසී සිටින්නෙමු.අප.ක්‍රිඩා සමජයේ වත්මන්  පුහුණු කාරිනිය වන යමිනා කුමාරි ඇයත් සමග රනින් බැබලු වූ සටනේ උර දුන් කෙනෙකි.ඇයගේ වචනය අනුව මෙම ලිපිය සකස් කර ලියා තැබුවෙමු.

අපි අපේ පැරනි තරු අමතක නොකරමු

සෙනිත් ක්‍රීඩා සමාජය

පොල්කටු හැදි හදා ජීවත් වන ගම්පහ දෙවනි වොලිබෝල්.සිරා










ගල්කිරියාගම රළු පොලොව හා ගැටෙමින් පොල් කටු හැදි සාදමින් කටුක දිවියක් ගත කරන ඔහුගේ දෑත එදා වොලිබෝලයට දුන් පහරවල් අපමනය.ගම්පහ කරුවලමුල්ල පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගම්පහ රාහුලෙන් වොලිබෝල් පිටියට පැමිනි ඔහු සයුරෙන් එතරට යන්නට තරම් වාසනාව නොලැබීය.ඔහුනම්.කීවේ එදා පැවති දේශපාලන දිරි නොගැන්වීම.නිසා කියාය.
ඔහු ගම්පහ එදිරිතිලකයි.
මුලින් රිටි පැනීම,දුර.පැනීම දක්ශයෙකු වුවත් පසුව.වොලිබෝල් ක්‍රීඩාවට යොමුවීමත් සමග එදිරිතිලකගේ.වොලිබෝලෙ ප්‍රගුන විය.
ගම්පහ රාහුලේ සිටින.අවධියේ එක් තරගයකයදී පන්දු පිරිනැමීමෙන්ම තරග වටයක් දිනපු බව ඔහු පැවසීය...එනම්.එක දිගට පන්දු 14 ක්.පිරිනමා ජය ගැනීමයි.ඒ තරමටම ඔහුගේ පන්දු පිරිනැමීම ප්‍රබල වූ නිසාය.
1959 දී.ආරම්බ්භ කල වොලිබෝලය පසුව ක්‍රීඩා සමාජ දක්වා ක්‍රීඩා.කිරීමට ඔහුට අවස්ථාව.ලබා දෙන්නට එකල ආසියාවේ ප්‍රබලයා වූ ගම්පහ සිරිවර්ධන.හමු විය.
පසුව.වෝකර් ආයතනයේ ක්‍රීඩා.කන්ඩායම නියෝජනය කරමින් වෝකර් ආයතනයට ජයග්‍රහන රැසක් ගෙන ඒමට සමත් විය
වරෙක.ශ්‍රී.ලංකා ගුවන් විදුලි සේවයේ ක්‍රීඩා අංශය ආරාම්භ කල මුල්ම දිනයේ.වොලිබෝල් තරගයක් පැවැව්ත්විය.එහි අවසන් තරගය වෝකට් ආයතනයත් ලේක්.හවුස් ආයතනයත් අතර් විය..කාසියේ වාසිය අනුව මුල්ම පිරිනැමීම ලැබුනේ වෝකර් කන්ඩායමටයි..ඒ අනුව ගුවන් විදුලියේ ක්‍රීඩා අංශයේ මුලින්ම ක්‍රීඩකයකුගේ නමක්.කියවුනේ නම් ඒ එදිරිතිලකගේ බව කීය.
නමුත් පසුව වෝර්කර් ආයතනය නොදන්වාම වසා දැමීමෙන් අසරන වූ ඔහු අද.පොල් කටු හැදි සාදා කුලී වැඩක්.කර ජීවත් වන තත්වයට පත් විය.
නිවස අලින්ගෙන් බැට කෑමටත් වරෙක.අසල්වෑසියෙක්ගේ අත්තනෝමතික ක්‍රියාවකින් නිවස ගිනිබත් කිරීමත් නිසා ඔහු උපායාගත් සහතික පවා.අහිමි විය.
සරදම් ජීවිත අතරේ.ජාතික.ක්‍රීඩාව.ප්‍රගුන කර අතරමග අතරමංවන ජීවිත අතරේ.ගමපහ.එදිරිතිලකත් අද දිවි ගෙවයි

හැට පැන්නත් වොලිබෝලයට පෙම් බැඳි ඇල්පිටිය කහදුව මිරිස්වත්තේ පදිංචි පොඩි ජිනේ







මිනිසා ඉපදී ජීවත්ව මිය යන කාල පරාසය තුළ ඇබ්බැහිකම් ඇත්තේ ය. ඇතැම් අබ්බැහිකම් ආරම්භ වන්නේ හුදු විනෝදය හෝ ආසාව පදනම් කරගෙන ය. මේ ඇබ්බැහිකම් හොඳ ඒවා මෙන් ම විටෙක අහිතකර ඒවා ද වේ. කෙසේ වෙතත් ආශාව නිසා ම ජීවිතයට පුරුදු පුහුණු කළ ක්‍රීඩාවක නියැළෙන්නෙකු ඉකුත් දා අපට හමු විය. ඔහු ඇල්පිටිය කහදුව මිරිස්වත්තේ පදිංචි ජිනදාස රන්දෙනිය මහතා ය.
එක්දහස් නමසිය තිස්පහ අවුරුද්දේදී උපන් ජිනදාස මේ ගෙවන්නේ හැත්තෑ හතර වැනි වියයි. පෙනුමින් ඔහු තවමත් මැදිවියේ අයකු මෙනි. පෙනුම කෙසේ වෙතත් ඔහු තරුණයකු මෙන් ජවසම්පන්නය. ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ විට ඔහු දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි.
වයස අවුරුදු දොළහේදී පමණ වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ඔහු තවමත් පිටියේ ක්‍රීඩා කරන්නෙකි. ක්‍රීඩාව ඔහුගේ ඇඟේ ම ඇත්තේ ය. කලක් ජාතික කිරි මණ්ඩලයේ රියදුරෙකු වශයෙන් රැකියාව කළ ඔහු පසුව තමන්ගේ ම ටැක්සියක සේවය කළේ ය.
ජිනදාසට වොලිබෝල් කියූ විට ඊට එහා දෙයක් නැත. ඔහු ඒ තරමටම ක්‍රීඩාවට ආසා කරන්නේ ය. උනන්දු වන්නේ ය. ආදරය කරන්නේ ය.
“පාසල් කාලේ ඉඳලම මම ක්‍රීඩා කළා. මම තරුණ කාලේ තිස්ස ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. ඒ කාලේ අපේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ජිනදාස සිරිවර්ධන කියන මහත්මයා. 
1956 අවුරුද්දේ අපි ගාලු දිස්ත්‍රික් ශූරතාව දිනා ගත්තා. එදා තරගයේ හොඳම ක්‍රීඩකයා වුණේ මම. අවුරුදු හත අටක් මම තිස්ස කණ්ඩායමේ නායකත්වය දැරුවා. කිරි මණ්ඩලේ සේවය කරන කාලේ කිරිමණ්ඩල වොලිබෝල් කණ්ඩායමේ සෙල්ලම් කළා. ගමේ ආවදාට ගමේ පිට්ටනියේ සෙල්ලම් කළා. අපේ අම්මලා තාත්තලා උනත් කිසිම විරුද්ධත්වයක් දැක්වූයේ නෑ. අදටත් මගෙ බිරිය අකමැති නැහැ මම සෙල්ලම් කරනවට.”
ඔහු ජීවිතය ගෙවන්නේ සැහැල්ලුවෙනි. ඔහු කුමන රාජකාරිය කළ ද දිනපතා ක්‍රීඩා කරන්නේ ය. ඔහු සමඟ තරුණයෝ මෙන් ම බාල ළමයි ද සෙල්ලම් කරන්නෝ ය. ඔහුගේ පුතා හා මුනුබුරාද මේ අතර වේ.
කිරි මණ්ඩලයේ රියදුරු රස්සාවෙන් ඉවත් වූ පසු ඔහු කලක් රාජ්‍ය ඉංජිනේරු ආයතනයේ ද රියදුරකු ලෙස සේවය කළේ ය. ඉන්පසුව ඔහු තමන්ගේ ම කියා වාහනයක වැඩ කළේ ය. කොහේ කොතැන රැකියාව කළ ද ඔහුට වොලිබෝල් ක්‍රීඩාව අමතක කරන්නට බැරි විය. ඇල්පිටිය පළාතේ වොලිබෝල් ලෝලීන් අතර ‘පොඩි ජිනේ’ නමින් ප්‍රසිද්ධ ඔහු අපූරු චරිතයකි.

“මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. පුතා පොලිසියේ සේවය කරනවා. වැඩිමහල් දියණිය විවාහකයි. බාල දියණියන් දෙදෙනා විදේශ ගත වී සිටින්නේ. මේ දවස්වල ඒ දෙන්නා කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉන්නේ.
අප පොඩි ජිනේ හමුවීමට ගියදා බාල දියණියන් දෙදෙනා නිවසේ සිටියෝ ය.
“අපිට අපේ තාත්තා ගැන ආඩම්බරයි” ඔවුහු එක හඬින් කීහ.
“එක දවසක් මම බස් එකේ ගමනක් ගිහිල්ලා එනවා. ඒ එනකොට අපේ තාත්තා පිට්ටනියේ සෙල්ලම් කරනවා. මේක දැකපු ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් කතා වෙනවා.
“අන්න බලහං අර සීයා වොලිබෝල් ගහනවා. ගෙදර ගිහිල්ලා මඤ්ඤොක්කා ගහක් හිටෙව්ව නම් ඔයිට වඩා හොඳ නැද්ද කියලා. මට දුකක් හිතුණා අනේ මෙහෙම කියන්නේ අපේ තාත්තට නේද කියලා. ඒත් මට සතුටකුත් දැනුණා අපේ තාත්තා තාම සෙල්ලම් කරනවනේ කියලා. අපේ තාත්තා හරිම නිරෝගීයි.
දරුවන් විදේශගත වූ පසු මහගෙදර සිටින්නේ වියපත් යුවළ පමණි. ඔවුන් දෙදෙනා ජීවිතය ගත කරන්නේ සැහැල්ලුවෙනි. සතුටෙනි. වත්ත පිටියේ වැඩ කරන ඔවුහු එදිනෙදා නිවසට අවශ්‍ය එළවුළු ආදිය වගා කරගනිති.
“ඉස්සර නම් අපි තේ කොළ ටිකත් ගෙදරමයි හදාගත්තේ. අපිට කුඹුරු තියෙනවා. මෙච්චර කාලෙකට අපි හාල් කඩෙන් ගෙනල්ලා නැහැ. වත්තේ එළවුළු මිරිස් ආදිය වවාගෙන තියෙනවා. පොල්තෙල් ටික ගෙදර හිඳගන්නවා.
ජිනදාස ගේ බිරිය අමරා දසනායක පවසන්නීය.
ඇය මැහුම් ගෙතුම්වලට දක්ෂය. දරුවන් නිවසේ නැති කල ඇය පාළුව මඟහරවා ගත්තේ මැහුමක ගෙතුමක යෙදීමෙනි.
කොළඹට වී රැකියාව කළ ජිනදාස අසූව දශකයේ මැද භාගයේ ගමට ආවේ ය. එකල ඔහු රියදුරු රැකියාව කළේ ගමේ ය. මේ කාලයේදී ඔහුට වොලිබෝල් ක්‍රීඩාව කිරීමට වඩ වඩාත් අවස්ථාව ලැබිණි. 
ඔහු තිස්ස ක්‍රීඩා සමාජයෙන් පසුව මිරිස්වත්ත සිංහ ක්‍රීඩා සමාජය සමඟ කටයුතු කරන්නට පටන්ගත්තේ ය. ඔහුට වොලිබෝල් ක්‍රීඩාවේ නීති රීති හොඳින් මතකය. හවසට පිට්ටනියේ දී බාල ළමයි ඔහුගෙන් ගුරු උපදේශ ගනිති. ඔහු යෞවනයන් හා කරට කර ක්‍රීඩා කරන්නේ ය.
“මම කොහේ ගියත් හැන්දෑවේ පහ වෙනකොට ගෙදර එනවා. ඒ පිට්ටනියේ සෙල්ලම් කරන්න. ඉස්සර මම ගමේ අවුරුදු උත්සවවල දිව්වා. දැන්නම් දුවන්න යන්නේ නැහැ. ඒත් මට පුළුවන්කම තියෙනතුරු මම ක්‍රීඩා කරනවා. මේ ළඟදී මම ළමයි එක්ක ගමනක් ගියා. පුළුවන් තරම් උත්සාහ කළා පහට කලින් ගෙදර එන්න. ඒත් බැරි වුණා. මගෙ හිතට හරිම දුකයි.”
ඔහුට ඒ තරමටම ක්‍රීඩාව ඕනෑ ය. වයස අවුරුදු හැත්තෑ හතරක් වුව ද ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම එදා වගේ ම ය.
“මගෙ ඇස් හොඳින් පෙනෙනවා. දෙයියනේ කියලා මට ලෙඩක් නෑ. සමහර අයට මේ වයසට දියවැඩියාව, ප්‍රෙෂර් එක, කොලොස්ටරෝල්... රටේ නැති ලෙඩනේ. 
මට එහෙම ලෙඩ නෑ. ඉඳලා හිටලා හෙම්බිරිස්සාවක් හැදුණොත් ඇරෙන්න. මා කවදාවත් අරක්කු සිගරට් බිව්වේ නැහැ. මා සෙල්ලම් කරලා ගෙදර එනකොට නෝනා මට කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පොල්පලා ආදි බෙහෙත් වර්ග තම්බලා දෙනවා. මං විශ්වාස කරනවා මගේ නිරෝගීභාවයට හේතුව හැමදාම ක්‍රීඩා කරන එක කියලා. 
ඒ වගේ ම මම වත්ත පිටියේ කුඹුරුවල වැඩ කරනවා. මගේ හිතේ අනවශ්‍ය ප්‍රශ්න නැහැ. මම කාගෙවත් කරදර මගෙ හිතට දාගන්නේ නැහැ. 
දරුවන්ගෙන් වුණත් මට කරදරයක් නෑ. ඒගොල්ලෝ අද හොඳ ජීවිත ගතකරනවා. මගෙ බිරියට මම ස්තුති කරන්න ඕන. ඇය නිසා තමයි අද මට මෙච්චර සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අපි දෙන්නා තරහා වෙන්නේ රණ්ඩු කරන්නේ නැහැ. සමහර දිනවල මම පිට්ටනියේ සෙල්ලම් කරනවා බලන්න ඇයත් එනවා.”
ඔබ ගමනක් යන්න ගියත් වොලිබෝල් ක්‍රීඩා කරන තැනක් දැක්කොත් නතර වෙනවා කියන්නේ? අපි ඇසුවෙමි.
ඔහුට සිනහ නැඟුණේ ය...” මෙහෙමයි. මේ ඇල්පිටියේ මම ක්‍රීඩා නොකරපු පිට්ටනියක් නැති තරම්. එහෙම පිට්ටනියක් තියෙනව නම් ඒක මේ ඊයේ රෑ හදපු පිට්ටනියක් වෙන්න ඕන. ඒ වගේ ම හැමෝම මා අඳුනනවා. මම කොල්ලා කාලේ පිට්ටනියේ සෙල්ලම් කරනකොට හැමෝම කෑගැහැව්වේ “පොඩි ජිනේ” කියලා. අදටත් මට කතා කරන්නේ පොඩි ජිනේ කියලා. 
පොඩි ළමයි “ජිනේ සීයා” කියනවා. තරුණයෝ “ජිනේ මාමා” කියනවා. සමහරු “ජිනේ අයියා” කියනවා. මේ මොන නමින් කතා කළත් මං හිතාගෙන ඉන්නේ මම තාම තරුණයයි කියලා. 
වත්ත පිටියේ වැඩ නැති වෙලාවට යම් යම් වුවමනාවලට මං ටවුන් එකට එහෙම යනවා. ඒ යනකොට පිට්ටනියක වොලිබෝල් සෙල්ලම් කරනවා දැක්කොත් එතැනටත් යනවා. ටිකක් වෙලා බලාගෙන ඉඳලා පොඩ්ඩක් සෙල්ලම් කරලා යනවා. ඒක දැන් මට පුරුද්දට ගිහිල්ලා. වොලිබෝල් මගෙ ඇගේ ම තියෙනවා. ඒ මට හිතෙන හැටි.
ඔහු යෞවනයකු කාලේ කොළඹ රැකියාව කරද්දී බොහෝ තරුණයෝ ඔහුට රැවටුණහ.
“ඇත්ත. හුඟක් වෙලාවට අපේ නැසීගිය ගායන ශිල්පි මිල්ටන් පෙරේරා මහතා කියලා මට තරුණයෝ රැවටෙනවා. අද කාලෙයි ඒ කාලෙයි බලද්දී කොච්චර වෙනස් ද කියලා හිතෙනවා. 
ඒ කාලේ ටැග්සියක වැඩකරලා එක හයර් එකකට ලැබෙන්නේ ඉතාම සුළු මුදලක්. ඒ කාලේ මීටරය කඩල තමයි හයර් එකට මුදල් අය කරන්නේ. ඒත් දැන් ලැබෙන මුදල වැඩි වුණත් වියදම වැඩියි. 
මං මගෙ දරුවන්ට ඉගැන්නුවේ ලොකු මහත් කළේ ඒ රස්සාවෙන්. වොලිබෝල්වලට ඇබ්බැහි වුණා කියලා මං කවදාවත් මගෙන් පවුලට කෙරෙන්න ඕන යුතුකම් පැහැර හැරියේ නැහැ. අපේ ගමේ තිබෙනවා වැඩිහිටි සමිතියක්. මම ඒ සමිතියේ සාමාජිකයෙක්. අවුරුදු හැටෙන් ඉහළ වොලිබෝල් කණ්ඩායමේ මමත් සෙල්ලම් කරනවා.
ඔහු දවස ආරම්භ කරන්නේ වත්තපිටියේ වැඩ කිරීමෙනි. ඔහුගේ දවස ගෙවෙන්නේ හැන්දෑවට වොලිබෝල් පිටියට යෑමෙනි. ක්‍රීඩාව ඔහු තුළ සංයමයක් ඇති කළේ ය. නිරන්තරවම ක්‍රීඩාව සමඟ රැඳි සිටින ඔහුගේ ජීවිතය නිරෝගී වූයේය.
ඔහු අද මෙන් හෙට ද ක්‍රීඩා කරනු ඇත. දෑත් දෙපා වාරු නැතිවන තුරුම ඔහු වොලිබෝලය සමඟ හැප්පෙනු ඇත.




Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරි...