ක්‍රීඩාවේ දැනුමැතියන් හිඟයි - දයාසිරි 2017-08-26 20:55:03 | සුසිල් ප්‍රේමලාල් 2 0 0 1 1 Views 938 බොහෝ ජාතික ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා සැලසුම් සකස්කිරීම සඳහා දැනුමැති නිලධාරීන් නොමැති වීම කණගාටුවට කරුණක් බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ පසුබැස්මට ප්‍රධාන හේතුවද දීර්ඝ කාලීන සැලැස්මක් ජාතික ක්‍රීඩා සංගම් සතුව නොතිබීම බවත්, තමා සෑම ජාතික ක්‍රීඩා සංගමයකටම අදාළ ක්‍රීඩාව වෙනුවෙන් පස් අවුරුදු ජාතික සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අතළොස්සක් බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (26 දා) පෙරවරුවේ ආරම්භ වූ වොලිබෝල් ජාතික සමු`එවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ක්‍රීඩා ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය. මෙම දෙදින සමුළුව හෙට (27 දා) අවසන් වේ. වසර 100ක් (1916-2016) සපිරි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ තුන්වැනි ජාතික සමු`එව මෙයයි. මීට පෙර 1984 දී චරිත රත්වත්තේ මහතා සභාපති තනතුර හෙබවූ කා...
ජාතික ක්‍රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්