Skip to main content

Posts

Showing posts from December 2, 2017

ආසියාව තුළ කාන්තා වොලිබෝලය

1991 වසරේ සාක් රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් වාර්තා වූ ජාත්‍යන්තර වොලිබෝල් ජයග්‍රහණයක් නැත. එහෙත් 1999 වසරේදීත් ඉන්දියාවට එරෙහිව වට 5ක තරගයක් දිය හැකි තරගකාරී කාන්තා කණ්ඩායමක් අප සතුවිය. දස්කම් සහිත වුවද යම් හේතුවක් නිසා පසුපසට යන බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2009 වසරේදී යළිත් හිස ඔසවන්නට සමත් වූයේ ආසියාවේ 9 වැනි ස්ථානය දිනා ගනිමිනි. 2017 වසරේ ආස ියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩයෙන් එක්වන්නේ 2015 වසරේ දෙවන ස්ථානය දිනාගත් දකුණු කොරියාවත්, 5 වැනි ස්ථානය දිනාගත් වියට්නාමයත් සමඟයි. ශ්‍රී ලංකාවට 2015 වසරේදී හිමිවූයේ 14 වැනි ස්ථානයයි. වොලිබෝල් ඉතිහාසය අතින් ශ්‍රී ලංකාව වියට්නාමය ඉක්මවා සිටියත් මෑතක සිට වියට්නාමයේ වොලිබෝල් දස්කම්වල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගියදා අවසන් වූ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමටද ඔවුන් සමත් විය. 2007 වසරේ සිට මේ දක්වා කාන්තා වොලිබෝල් ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉරේෂා පෙරේරා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. “තායිලන්තය, වියට්නාමය වගේ රටවල්වල ගොඩා...

වොලිබෝලය වර්ණවත් කළ රත්නපුරේ විජේපාල

( සැ..යු.2010 සිළුමිණ ලිපියකි )  කලුආරච්චිගේ කුලසිරි විජේපාල හෙවත් කේ.ඒ.කේ. විජේපාල නම් වූ ළබැඳි සොයුරා පිළිබඳව සටහනක් ලිවීමට සිළුමිණෙන් මා ලද ඇරැයුම ඉත සිතින් බාර ගත්තේ ඔහුගෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්ෂේත්‍රයට සිදුවූ අමිල සේවය අගය කිරීමක් වශයෙනි. 50 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවට පැමිණි මදුරාසි වොලිබෝල් පිල අපේ ක්‍රීඩාව උඩු යටිකුරු කිරීමට සමත් වූ බව මා පුවත්පත් වලින් කියවා ඇත. දසැඟිලි වලින් පන්දුව මෙහෙයවීමේ ශිල්පීය (හිසට උඩින් පන්දුව පාස් කිරීම) දක්ෂතාව ඇතැම් වොලිබෝල් බලධාරීන් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ නීති සම්පාදනයට ගත් පියවර නිසා ක්‍රීඩාව වළ පල්ලට යැවූ අයුරු මා සිත් තුළ හොඳින් පැල පදියම් වී තිබේ. මේ තත්ත්වය 60 දශකය පුරා ක්‍රීඩාවට වින කළ බව පැරණි ක්‍රීඩකයින් වුව ද සාක්ෂි දරනු නොඅනුමානය. වොලිබෝල් සංගමය පැනවූ නීති රීතිවලට අනුව විනිශ්චය ලබාදීම නිසා විනිසුරුවන් අපහසුතාවයට පත් වූ අතර ක්‍රීඩකයිනට නිදහසේ ක්‍රීඩා කිරීමට තිබූ ඉඩකඩ මුළුමනින් ම ඇහිරී යාම නිසා සමස්ථ ක්ෂේත්‍රයම අර්බුදයට ලක්විණි. මේ තත්ත්වය මෙසේ පවතිද්දී ළදරු ක්‍රීඩා අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ නැඟෙනහිර ජර්...