1991 වසරේ සාක් රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් වාර්තා වූ ජාත්‍යන්තර වොලිබෝල් ජයග්‍රහණයක් නැත. එහෙත් 1999 වසරේදීත් ඉන්දියාවට එරෙහිව වට 5ක තරගයක් දිය හැකි තරගකාරී කාන්තා කණ්ඩායමක් අප සතුවිය. දස්කම් සහිත වුවද යම් හේතුවක් නිසා පසුපසට යන බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2009 වසරේදී යළිත් හිස ඔසවන්නට සමත් වූයේ ආසියාවේ 9 වැනි ස්ථානය දිනා ගනිමිනි.
2017 වසරේ ආසියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩයෙන් එක්වන්නේ 2015 වසරේ දෙවන ස්ථානය දිනාගත් දකුණු කොරියාවත්, 5 වැනි ස්ථානය දිනාගත් වියට්නාමයත් සමඟයි. ශ්‍රී ලංකාවට 2015 වසරේදී හිමිවූයේ 14 වැනි ස්ථානයයි. වොලිබෝල් ඉතිහාසය අතින් ශ්‍රී ලංකාව වියට්නාමය ඉක්මවා සිටියත් මෑතක සිට වියට්නාමයේ වොලිබෝල් දස්කම්වල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගියදා අවසන් වූ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමටද ඔවුන් සමත් විය.
2007 වසරේ සිට මේ දක්වා කාන්තා වොලිබෝල් ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉරේෂා පෙරේරා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.
“තායිලන්තය, වියට්නාමය වගේ රටවල්වල ගොඩාක් තරගාවලි පවත්වනවා. ඔවුන්ට හොඳට අත්දැකීම් ලබාදෙනවා. වොලිබෝල්වල දියුණුවට හේතුව ඒකයි
No comments:
Post a Comment