එතුමාගේ ඡායාරූපයක් සොයා ගත නොහැකි විය ) රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව ජාතික තලයට ඔසවා තැබීම සඳහා තමන්ගේ සියලු ශක්තිය හා කාලය වැය කළ කහවත්තේ ආර්. එම්. ඒ. රත්නායක මැතිතුමා ඉටු කළ මහා මෙහෙවර මෙවැනි සංක්ෂිප්ත සටහනකින් කළ නොහැක. රුවන්වැල්ලේ මැන්දල හි උපත ලබා, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, වොලිබෝල් කී‍්‍රඩාවේ කලඑලි බසින්නේ රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තුළිනි. දක්ෂ කී‍්‍රඩකයකු ලෙස ඉස්මතු වූ රත්නායක මහතා 1980 දී කී‍්‍රඩා නිලධාරියකු ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ සේවයට එක් විය. කහවත්ත, ඔහු පළමු බල ප‍්‍රදේශය විය. පසුව 1987 දී මොණරාගල දිස්ති‍්‍රක් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කර, 1988 දී රත්නපුර දිස්ති‍්‍රක් පුහුණුකරු ලෙස පත්විය. ඉන්පසු ඔහු තමන්ගේ මුළු කාලයම වැය කළේ රත්නපුරයේ අංකුර වොලිබෝල් කී‍්‍රඩකයන්ට උපරිම පුහුණුව ලබා දෙමින්, ඔවුන් ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන්ගේ තැනට ගෙන ඒමටය. ඒ මහා ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම ජාතික කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. රත්නායක මහතා දක්ෂ වොලිබෝල් කී‍්‍රඩකයකු, කී‍්‍රඩා...
ජාතික ක්‍රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්