ආසියානු වොලිබෝල් සමුළුවට පළමු වතාවට හඳුන්වා දෙන පළමු ආසියානු අභියෝග ශූරතා (පිරිමි) තරගාවලියේ සත්කාරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවී සිටින බව වාර්තාවේ. එම තරගාවලිය ලබන සැප්තැම්බර් 15 සිට 22 දක්වා පැවැත්වීමට ආසියානු වොලිබෝල් සමුළුව දැනට සැලසුම් කර තිබේ. රටවල් අටක් සහභාගි වන එම තරගාවලියේ සත්කාරය බාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතර මූලික සාකච්චාවක් ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුණහොත් වසර 101ක් පිරෙන ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ වොලිබෝල් තරගාවලියක ශ්‍රී ලංකාව සත්කාරය දරන පළමු අවස්ථාව එය වනු ඇත. ශ්‍රී ලංකාව අවසන් වරට 2012 ආසියානු යොවුන් පිරිමි (කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ) වොලිබෝල් තරගාවලිය කොළඹදී සංවිධානය කරමින් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලිය අවසන් වරට සත්කාරය දරා තිබේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව සත්කාරය දරන්නේ නම් ඒ සඳහා රුපියල් මිලියන 60 ක පමණ වියදමක් දැර...
ජාතික ක්‍රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්