Skip to main content

Posts

Showing posts with the label Volleyball

Munchee වොලිබෝල් ශූරතා අවසන් තරඟ 2024

2024  වසරේ මන්චී ජාතික වොලිබෝල් ශූරතාවය මෙවර පිරිමි අංශයෙන් වරාය අධිකාරී කණ්ඩායමටත් කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා ග්‍ය්වන් හමුදා කණ්ඩායමටත් හිමිවිය අවසන් පූර්ව තර්ඟයේදී  (පිරිමි )   වරාය අධිකාරී කණ්ඩායම  විසින් ඕශන් ලංකා කණ්ඩායමත් විදුලිබලය කණ්ඩායම විසින් යුධ හමුදා කණ්ඩායමත් පරාජය කරමින් මෙසේ 2025 ජනවාරි මස 4 වන දින අවසන් මහ තරඟයට මුහුණ දෙන ලදි...එයි වට 3 ට 0 ක් ලෙස වරාය අධිකාරී කණ්ඩායම පහසු ජයක වාර්තා කලේය

ආසියාව තුළ කාන්තා වොලිබෝලය

1991 වසරේ සාක් රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් වාර්තා වූ ජාත්‍යන්තර වොලිබෝල් ජයග්‍රහණයක් නැත. එහෙත් 1999 වසරේදීත් ඉන්දියාවට එරෙහිව වට 5ක තරගයක් දිය හැකි තරගකාරී කාන්තා කණ්ඩායමක් අප සතුවිය. දස්කම් සහිත වුවද යම් හේතුවක් නිසා පසුපසට යන බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2009 වසරේදී යළිත් හිස ඔසවන්නට සමත් වූයේ ආසියාවේ 9 වැනි ස්ථානය දිනා ගනිමිනි. 2017 වසරේ ආස ියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩයෙන් එක්වන්නේ 2015 වසරේ දෙවන ස්ථානය දිනාගත් දකුණු කොරියාවත්, 5 වැනි ස්ථානය දිනාගත් වියට්නාමයත් සමඟයි. ශ්‍රී ලංකාවට 2015 වසරේදී හිමිවූයේ 14 වැනි ස්ථානයයි. වොලිබෝල් ඉතිහාසය අතින් ශ්‍රී ලංකාව වියට්නාමය ඉක්මවා සිටියත් මෑතක සිට වියට්නාමයේ වොලිබෝල් දස්කම්වල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගියදා අවසන් වූ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමටද ඔවුන් සමත් විය. 2007 වසරේ සිට මේ දක්වා කාන්තා වොලිබෝල් ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉරේෂා පෙරේරා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. “තායිලන්තය, වියට්නාමය වගේ රටවල්වල ගොඩා...

දැලේ පැටළුණු වොලිබෝලය දැලෙන් බේරා ගනිමු

වොලිබෝලය අද අපේ ජාතික ක්‍රීඩාව. ඒ වගේම වොලිබෝල් ක්‍රීඩාව අපේ රටේ පවතින පැරැණිම ක්‍රීඩාවයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන තැන එදා තිබුණේ වොලිබෝලයටයි. එදා සෑම ගමකම හැන්දෑවට වොලිබොල් ක්‍රීඩා කළේ අපේ තරුණ පිරිසයි. අද ක්‍රීඩා ලෝලීන් වැඩි පිරිසකගේ ක්‍රීඩා වීරයන් වන සනත්, අර්ජුන, මුරලි වාගේම එදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වීරයන් වෙලා හිටියේ ගම්පහ සිරිවර්ධන, චාල්ස් වැනි අයයි. පසුගියදා පැවැත්වුණු සාෆ් ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකාවට 2 ස්ථානය හිමිවිය. ඉන්දියාව, පාකිස්තානය ඉන්නේ අපිට ඉහළිනි. ආසියාවේ වොලිබෝල් ගහන රටවල් දහහතරක් අතුරින් අප ඉන්නේ දහතුන් වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයක්, පුෂ්පයක්, නම් කරද්දී එවකට සිටි ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාට නියම කළේ ලංකාවට උචිත ජාතික ක්‍රීඩාවක් ද නම් කරන ලෙසය. මේ සඳහා විශේෂ කමිටුවක්ද පත් කළේය. එයට මහාචාර්ය විනී විතාරණ, පණ්ඩුල ඇඳිගම ඇතුළු ප්‍රවීණයෝ ඇතුළත් කළහ. ඔව්හු කරුණු සොයා ලංකාවට සුදුසු ජාතික ක්‍රීඩාව කුමක්ද කියා තීරණය කළහ. ලංකාවේ පුරාණයේ සිටම පැවැති, අඩුවියදමකින්, ශාරීරික වර්ධනයට තුඩුදෙන අයුරින් කළ හැකි ක්‍රීඩාවක් පිළිබඳව කරුණු භාජනය වි...