Skip to main content

Posts

Showing posts from November 20, 2017

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවෙන් බැඹලවූ ඔහු අවසන් ගමන් යයි

හදිසි රිය අනතුරකින්  (20) මියගිය ජාතික වෙරළ වොලිබෝල් පුහුණුකරු ඩබ්.ඒ. ප්‍රසන්න උදය කුමාර මහතාගේ අවසන් කටයුතු අනිද්දා (22) පස්වරු 3ට ගලේවෙල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මිය යනවිට 43 හැවිරිදි වියේ පසු වූ උදය කුමාර මහතා දෙදරු පියෙකි.    වසර 2003 දී ශ්‍රී ලංකාවට වෙරළ (බීච්) වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දීමෙන් පසුව මේ දක්වාම එහි ජාතික (කාන්තා - පිරිමි) පුහුණුකරු ධුරවල කටයුතු කළ ඒ මහතා යටතේ ශ්‍රී ලංකාව අන්තර් ජාතික වෙරළ වොලිබෝල් (කාන්තා හා පිරිමි) තරගාවලි 29කට මේ දක්වා සහභාගී වී තිබේ.    එහිදී ආසියානු ශූරතාවලිය ඇතුළුව ජාත්‍යන්තර වෙරළ වොලිබෝල්  පදක්කම් 11ක් ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත්ව තිබේ. ඔහුගේ හදිසි අභාවය මෙරට වෙරළ වොලිබෝල් ක්‍රීඩාවට දැරිය නොහැකි පාඩුවක් බව පවසන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා හෙට ගලේවෙලදී පැවැත්වෙන ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගී වන ලෙස වොලිබෝල් ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.    දේහය ගලේවෙල, දේවහුව, බුලනවැව, බණ්ඩාරනායක මාවතේ නිවසේ තැන්පත් කර තිබේ

රූපවාහිනී වොලිබෝල් අවසන් තරගය

මන්චී ජාතික ශුරතාවයේ දී විදුලි බලය හමුවේ යුධ හමුදාව ලැබූ පරාජය රූපවාහිනී තරගයෙන් හිලව් කල.හැකිද ? තිස් එක්වැනි වරටත් සංවිධානය කෙරෙන රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි හා කාන්තා මූලික වටයේ තරග අගෝස්තු 28 සිට සැප්තැම්බර් 2 දක්වා මීගමුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ක්‍රීඩාංගනයේ දී පැවැත්වී ය ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.  සුපර් ලීග්  පිරිමි අංශයේ මූලික වටය සඳහා කණ්ඩායම් 7 ක් ද කාන්තා මූලික වටය සඳහා කණ්ඩායම් 5 ක්ද සහභාගීවී ය ජාතික තරුණ සේවා සභාව, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, විදුලිබල  මණ්ඩලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙළඳ සේවා කණ්ඩායම (බ්‍රැන්ඩෙක්ස්) පිරිමි අංශයෙන් ද යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, තරුණ සේවා සභාව සහ කැෂුවලයින් යන කණ්ඩායම් කාන්තා අංශයෙන්ද  තරග  වැදීය පිරිමි කණ්ඩායම් 7 ක් සහභාගී වෙම්න් ආරම්භ වූ සුපර් ලීග් තරග අංශයේ අවසන් පූර්ව තරගය දක්වා එන්නට  ශ්‍රී ලංකා ව්දුලි බල මණ්ඩල කණ්ඩායම තරුණ සේවා සභා කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා ...