Skip to main content

Posts

Showing posts with the label වොලිබෝල්’

මෙතෙක් වසර කීපයක් වයඹින් ගිලිහී ගිය පාසල් බාලක වොලිබෝලය සබරගමුවෙන් උදුරා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සරෙත් ,මාරවිල සේවියර් විද්‍යාලත් සමත් විය.

 වසර කීපයක් වයඹින් ගිලිහී ගිය පාසල් බාලක වොලිබෝලය සබරගමුවෙන් උදුරා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සරෙත් ,මාරවිල සේවියර් විද්‍යාලත් සමත් විය. සබරගමුව ගත් කල රුවන්වැල්ල රාජසිංහ ව්ද්‍යාලය පාසල් වොලිබෝලය මෙන්ම විවුර්ත අංශයේද ජයකෙලි නංවන පාසලකි.නමුත් ඔවුන්ගේ ආදීපත්‍ය වයඹ හමුවේ මේ වන විට ගිලිහෙමින් පවති. මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය පාසල් වොලිබෝල් ඉතිහාසයේ බිඳෙන් බිඳ තමන්ට හිමි ස්ථානයන් ආක්‍රමණය කරනවා. ඒ අනුව ඔවුන් 2015 වසරේ දී වයස අවුරුදු 15න් පහළ ජාතික පාසල් ශූරතාවත් සහ වයස අවුරුදු 17න් පහළ එම තරගාවලියේම අනු ශූරතාවත් හිමි කර ගන්නවා. අනතුරුව 2016 වසරේ දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ අනු ශූරතාවත් 16න් පහළ ශූරතාවත් දිනා ගන්නවා. එම වසරේම වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ පාසල් ජාතික වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. මේ දක්ෂතාත් සමඟින් ගෙවී යන වසරේ (2017) පාසල් වොලිබෝල් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට ඔවුන්ට හැකි විය. ඒ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ යන වයස් කාණ්ඩවල දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ ශූරතා ත...