වසර කීපයක් වයඹින් ගිලිහී ගිය පාසල් බාලක වොලිබෝලය සබරගමුවෙන් උදුරා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සරෙත් ,මාරවිල සේවියර් විද්‍යාලත් සමත් විය.
සබරගමුව ගත් කල රුවන්වැල්ල රාජසිංහ ව්ද්‍යාලය පාසල් වොලිබෝලය මෙන්ම විවුර්ත අංශයේද ජයකෙලි නංවන පාසලකි.නමුත් ඔවුන්ගේ ආදීපත්‍ය වයඹ හමුවේ මේ වන විට ගිලිහෙමින් පවති.මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය පාසල් වොලිබෝල් ඉතිහාසයේ බිඳෙන් බිඳ තමන්ට හිමි ස්ථානයන් ආක්‍රමණය කරනවා. ඒ අනුව ඔවුන් 2015 වසරේ දී වයස අවුරුදු 15න් පහළ ජාතික පාසල් ශූරතාවත් සහ වයස අවුරුදු 17න් පහළ එම තරගාවලියේම අනු ශූරතාවත් හිමි කර ගන්නවා. අනතුරුව 2016 වසරේ දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ අනු ශූරතාවත් 16න් පහළ ශූරතාවත් දිනා ගන්නවා. එම වසරේම වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ පාසල් ජාතික වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
මේ දක්ෂතාත් සමඟින් ගෙවී යන වසරේ (2017) පාසල් වොලිබෝල් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට ඔවුන්ට හැකි විය. ඒ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ යන වයස් කාණ්ඩවල දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ ශූරතා ත්‍රිත්වය සහ පාසල් ජාතික වොලිබෝල් තරගාවලියේ දී වයස අවුරුදු 16න් පහළ සහ 18න් පහළ යන සියලු වයස් කාණ්ඩ ශූරතා එක් වසරක දී දිනා ගනිමින්.
ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ දී සාන්ත සේවියර් ක්‍රීඩකයෝ වයස අවුරුදු 13න් සහ 15න් පහළ වයස් කාණ්ඩ ඉසව්වල දී රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය පරාජය කරමින් ද, වයස අවුරුදු 17න් පහළ ඉසව්වේ දී හුංගම විජබා විද්‍යාලය ද පරාජය කරනවා. ජාතික පාසල් වොලිබෝල් තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ ඉසව්වේ දී නැවත වතාවක් රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය පරාජය කරන ඔවුන්, 16න් පහළ ඉසව්වේ දී වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය පරාජය කරනවා.
මේ ජයග්රහණයන් සමඟින් පසුගිය වසරේ දී සේ ම මේ වසරේ දී ද පාසල් ජාතික වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ සහ 18න් පහළ ශූරතාවන් පිට පිට දෙවැනි වරටත් දිනා ගත් පළමු කණ්ඩායම වෙමින් ද ඔවුන් වාර්තා පොතට එක් වෙනවා.
එමෙන්ම වයඹ නැවතත් පාසල් DSI වොලිබෝල් බාලක අංශයේ ජයකෙළි නංවමින් 2017 වයස අවුරුදු 19 න් පහල වැදගත්ම තරග අංශය ජයගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර කණඩායම සමත් වෙමින් එහි ප්‍රබල කාණ්ඩය වන රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය පරාජයට පත්කලේය.
2016 දක්වා වයඹින් සබරගමුවට ගිය පාසල්.වොලිබෝලයේ නැවත ජයග්‍රහණ තමන් සතු කරගන්නට මාරවිල සේවියර් විද්‍යාලයත් නාත්තන්ඩිය ධම්මිස්සර ව්ද්යාලයත් මේ වන විට සමත් වී තිබේ.
එහිදී 13/15/19 බාලක අංශයේ.අනුශූරතා තුනම රුවන්වැල්ල රාජසිංහ ව්ද්‍යාලයට හිමිවිය.
කරුණාකර අඩුපාඩු ඇතොත් ඉදිරිපත් කරන්න නැවත සකස් කරන්නට
No comments:
Post a Comment