ඒ 2003 වර්ෂයේ බක් මාසයයි. ශ්‍රී ලංකා වොලිබෝල් ක්‌ෂේත්‍රයේ අලුත්ම සාමාජිකයා වූ වෙරළ වොලිබෝල් තරග මාලාවක් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර සංචාරය යෙදී තිබුණේ 2003 අප්‍රේල් මාසයේ තායිලන්තයේ - පතලොන් සහ zසොන්ක්‌ලාZ නගරවල පැවැත්වෙන හතර වැනි - ලෝමාසමිලා zආසියා පැසිµsක් කලාපීය බීච් වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගිවීමටය. ගුවන් ප්‍රවේශපත්, ආහාර පාන, ක්‍රීඩා ඇඳුම් සොයාගැනීම වැනි බාධක රාශියක් මධ්‍යයේ ආරම්භ වූ බීච් වොලිබෝලයේ කුළුදුල් ජාත්‍යන්තර සංචාරයේ කළමනාකරු වීමේ භාග්‍ය මෙන්ම වගකීම ද මා වෙත හිමිව තිබෙන ලදි. ඒ සියලු භාරදූර වගකීම් මෙන්ම අභියෝග ද හමුවේ ඒවාට මුහුණදීමේදී නොසැලෙන ඉන්ද්‍රකීලයක් සේ මා පසුපස සිටි දැවැන්තම හස්‌තය වූයේ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‌ෂේත්‍රයේ ප්‍රථම ජාතික පුහුණුකරු ධුරය හිමිකර ගැනීමේ භාග්‍යලත් ප්‍රසන්න උදය කුමාර මහතාය. කොළඹින් බැහැර ගලේවෙල දේවහුව ප්‍රදේශයේ උපත ලද ප්‍රසන්න උදයකුමාර කුඩාකල සිට ක්‍රීඩාවට දැක්‌වූ කුසලතා හේතුවෙන් තම ස්‌වඋත්සාහයෙන්ම ජාතික තරුණ සේවා සභාව ඔස්‌සේ ජාතික මට්‌ටමට එක්‌වූ ක්‍රීඩකයෙකි. 1992 වර්ෂයේ මාගේ ප්‍රථම ජාත්...
ජාතික ක්‍රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්