Skip to main content

Posts

Showing posts from January 10, 2018

ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුවට සර්බියානු පුහුණුකරුවෙක්

දෙවසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා සර්බියානු ජාතික වොලිබෝල් පුහුණුකරුවෙකු ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත. ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් මෙම පුහුණුකරු ලංකාවට ගෙන්වන අතර ඒ සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුම දැනටමත් සකස් කර ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස් නාලක මහතා පවසයි.   දේජාන් වුලිසිවික් නම් වූ මෙම වොලිබෝල් පුහුණුකරුගේ කොන්ත්‍රාත් කාලයේදී ඔහුගේ මාසික වේතනය ඇමරිකානු ඩොලර් 3500 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 5 ඉක්මවයි.    ලබන සැප්තැම්බර් 15 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක පැවැත්වීමට නියමිත 2018 ආසියානු අභියෝග කුසලතා පිරිමි තරගාවලිය සඳහා කණ්ඩායම මෙහෙයවීම සර්බියානු විශේෂඥ පුහුණුකරුට හිමිවන ප්‍රධාන ඉලක්කයයි. රටවල් 8 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේදී ශ්‍රී ලංකාව පළමු කණ්ඩායම් 3 අතරට ගෙන ආයුතු බව එම පුහුණුකරුවාට දී ඇති ඉලක්කයයි.    පළමු වසර ඇතුළත දී දක්වන ප්‍රගතිය මත කොන්ත්‍රාත් කාලය දෙවැනි වසර දක්වා දීර්ඝ කිරීමට පුහුණුකරු හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එකඟතා ගිවිසුමකට එළඹෙනු ඇත. ...