Skip to main content

රූපවාහිනී වොලිබෝල් අවසන් තරගය

මන්චී ජාතික ශුරතාවයේ දී විදුලි බලය හමුවේ යුධ හමුදාව ලැබූ පරාජය රූපවාහිනී තරගයෙන් හිලව් කල.හැකිද ?

තිස් එක්වැනි වරටත් සංවිධානය කෙරෙන රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි හා කාන්තා මූලික වටයේ තරග අගෝස්තු 28 සිට සැප්තැම්බර් 2 දක්වා මීගමුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීය

ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි. 

සුපර් ලීග්  පිරිමි අංශයේ මූලික වටය සඳහා කණ්ඩායම් 7 ක් ද කාන්තා මූලික වටය සඳහා කණ්ඩායම් 5 ක්ද සහභාගීවීය

ජාතික තරුණ සේවා සභාව, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, විදුලිබල  මණ්ඩලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙළඳ සේවා කණ්ඩායම (බ්‍රැන්ඩෙක්ස්) පිරිමි අංශයෙන් ද යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, තරුණ සේවා සභාව සහ කැෂුවලයින් යන කණ්ඩායම් කාන්තා අංශයෙන්ද  තරග වැදීය


පිරිමි කණ්ඩායම් 7 ක් සහභාගී වෙම්න් ආරම්භ වූ සුපර් ලීග් තරග අංශයේ අවසන් පූර්ව තරගය දක්වා එන්නට 
ශ්‍රී ලංකා ව්දුලි බල මණ්ඩල කණ්ඩායම
තරුණ සේවා සභා කණ්ඩායම
ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම
සමත් වූහ.
ඉන් පසුව පැවතියේ අවසන් පූර්ව තරගයි
එහිදී
විදුලි බල මණ්ඩල කණ්ඩායම විසින් වට 3/0 ක් ලෙස තරුණ සේවා සභා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයටත්
යුධ හමුදා කණ්ඩායම විසින්  ගුවන් හමුදා කණ්ඩායම පරාජය කර්මින් අවසන් මහා තරගයටත් සුදුසුකම් ලැබීය.
ඒ අනුව අවසන් මහා තරගය 207නොවැම්බර් මස 16 වන සෙනසුරාදා පෙ.ව.1 සිට මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ











Comments

Popular posts from this blog

වොලිබෝලයේ පියා සහ ඉතිහාසය

වොලිබෝල් ක්‍රීඩාවේ උපත විලියම් ජී. මෝගන් 1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී. විලියම් ජී. මොගන් විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින...

වොලිබෝලය වර්ණවත් කළ රත්නපුරේ විජේපාල

( සැ..යු.2010 සිළුමිණ ලිපියකි )  කලුආරච්චිගේ කුලසිරි විජේපාල හෙවත් කේ.ඒ.කේ. විජේපාල නම් වූ ළබැඳි සොයුරා පිළිබඳව සටහනක් ලිවීමට සිළුමිණෙන් මා ලද ඇරැයුම ඉත සිතින් බාර ගත්තේ ඔහුගෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්ෂේත්‍රයට සිදුවූ අමිල සේවය අගය කිරීමක් වශයෙනි. 50 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවට පැමිණි මදුරාසි වොලිබෝල් පිල අපේ ක්‍රීඩාව උඩු යටිකුරු කිරීමට සමත් වූ බව මා පුවත්පත් වලින් කියවා ඇත. දසැඟිලි වලින් පන්දුව මෙහෙයවීමේ ශිල්පීය (හිසට උඩින් පන්දුව පාස් කිරීම) දක්ෂතාව ඇතැම් වොලිබෝල් බලධාරීන් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ නීති සම්පාදනයට ගත් පියවර නිසා ක්‍රීඩාව වළ පල්ලට යැවූ අයුරු මා සිත් තුළ හොඳින් පැල පදියම් වී තිබේ. මේ තත්ත්වය 60 දශකය පුරා ක්‍රීඩාවට වින කළ බව පැරණි ක්‍රීඩකයින් වුව ද සාක්ෂි දරනු නොඅනුමානය. වොලිබෝල් සංගමය පැනවූ නීති රීතිවලට අනුව විනිශ්චය ලබාදීම නිසා විනිසුරුවන් අපහසුතාවයට පත් වූ අතර ක්‍රීඩකයිනට නිදහසේ ක්‍රීඩා කිරීමට තිබූ ඉඩකඩ මුළුමනින් ම ඇහිරී යාම නිසා සමස්ථ ක්ෂේත්‍රයම අර්බුදයට ලක්විණි. මේ තත්ත්වය මෙසේ පවතිද්දී ළදරු ක්‍රීඩා අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ නැඟෙනහිර ජර්...

FIVB Rules 2025- 2028

Volleyball Fivb Rules Book  pdf Link to download  ENGLISH https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://www.fivb.com/wp-content/uploads/2025/01/FIVB-Volleyball_Rules2025_2028-EN.pdf&ved=2ahUKEwjIz7Xb1emKAxVOtJUCHQcCAAsQFnoECBQQAQ&usg=AOvVaw38iuSabsxGUzFRoK3i7ZVc