වසර 100 ක් පසු කර ජාතික ක්‍රීඩාවේ ඉහල තලයක සිටින ශ්‍රී ලංකාවේ අතීතය වර්තමානය තරම් සුන්දර නැත.අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත ආ ජාතික ක්‍රීඩාව රැක ගැනීමට අන්තර්ජාතික තලයේ ඔසවා තැබීමට් ගමින් අල බතල කා කිලෝ මිටර ගනන් දුර ගෙවා විත් ජය කනුව පසු කලේ රටට කීර්තියක් ලබා දීමටය.එවන් ක්‍රීඩා දක්ශතා සපිරි අය මධ්‍ය කාල්යේදී බිහි උනේ ඉතාම දුශ්කර ගමන් මගක පැමිනිමෙනි.එමෙන්ම ඔවුන් ආර්ථික අතින්ද ඉතාම පහත් මට්ටමක සිටියහ.විශේශයෙන් 90 දශකයේදී ශ්‍රී ලංකාව තුල රාජ්‍ය මට්ටමින් ක්‍රීඩාවට අත දුන් අතර එයින් යම් තාක් දුරට ඔවුන්ගේ අඩු පාඩු ඇකී ගියහ.නමුත් මළල ක්‍රීඩාවෙන් ජය ලැබූ සමහරුන්ට දිවි සරු වුවද ජාතික ක්‍රීඩාවෙන් ජය ලැබුවන් අද,????පිලිතුරු රහිතය.එක්කෝ ලංකාවෙ නොමැත නැත්නම් දවසේ කුලියට සෙවය කරන්නන් ය.එහෙත් වර්තමානයේ නම් ක්‍රිඩික ක්‍රීඩිකාවන්ට ඕනෑ තරම් පහසුක ,සංචාර,ආයතන ඕනාවටත් වැඩියෙන් ඇත
මෙය පසෙකට තබා මෙහි සදහන් ක්‍රීඩිකාව ගැන කියනවානම් 1990 දශකයේ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම උඩු යටි කුරු කල එක් ක්‍රීඩිකාවක් කිව හැකිය.
සන්ධ්‍යා සදලේඛා කීවම 2000 ට එහා බොහෝ පිරිස හොදින් දන්නා කෙනෙකි.
ශ්‍රී.ලංකාවට හිමි එකම දකුණු ආසියාතික රන් පදක්කම එදා කොලඹදී ප්‍රබල ඉන්දියාව පරදවා ලබා දීමට මැය ලබා දුන් දක්ශතාවය මෙය ලියන මාද සිඇසින් දැක්කෙමි.
එහෙත් ඇය අද ගිලන්වය,අසරනය,රාජ්‍ය අංශයෙන් ලැබෙන උපකාර මදය
මෙලෙස රටට කීර්තියක ලබා දුන මෙවන් අයට ක්‍රීඩා අමාත්‍යංශයේ සහය ලබා දිඅ යුතුය.විශාල.මුදලක් වැය වන පිලිකා වැනි රෝග සදහා අමුතුවෙන් ඔබට කිව නොහැක
සෙනිට්බ් ක්‍රීඩා සමාජයේ අපිද මේ වන් විට යම් තාක් දුරට ඇයට සහනය.ලබා දීමට සැරසී සිටින්නෙමු.අප.ක්‍රිඩා සමජයේ වත්මන් පුහුණු කාරිනිය වන යමිනා කුමාරි ඇයත් සමග රනින් බැබලු වූ සටනේ උර දුන් කෙනෙකි.ඇයගේ වචනය අනුව මෙම ලිපිය සකස් කර ලියා තැබුවෙමු.
අපි අපේ පැරනි තරු අමතක නොකරමු
සෙනිත් ක්‍රීඩා සමාජය
No comments:
Post a Comment