Skip to main content

2010 තරුණ සේවා - රූපවාහිනී සුපර් ලීග්වොලිබෝල් පිරිමි සූරතාව ගුවන් හමුදාවටකාන්තා සූරියෝ තරුණ සේවා සභාවෙන්


කාන්තා ශූරතාව හිමි කර ගත් ජාතික තරුණ සේවා කණ්ඩායමේ නායිකාව මධුශිකා රත්නසිරි තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම හා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති හා නියෝජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා යන මහතුන් අතින් ශූරතා සංකේතය මුදල් ත්‍යාගය රු. 150,000 ලබාගත් අවස්ථාවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාද මෙහි දැක්වේ.
ඡායාරූපය - මහරගම විශේෂ
ජාතික තරුණ සේවා සභාව, යෞවන කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරන ලද 26 වන තරුණ සේවා රූපවාහිනී සුපර් ලීග් වොලිබෝල් අභියෝගතා තරගාවලියේ සූරතා (පිරිමි) ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ (කාන්තා) ජාතික තරුණ සේවා සභා කණ්ඩායම හිමි කර ගනිති.
මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 52 ක් සහ කාන්තා කණ්ඩායම් 28 ක් සහභාගි වූහ. මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ උතුරු නැගෙනහිර නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් වීමයි.
අවසන් මහා තරගවලට කාන්තා අංශයෙන් ජාතික තරුණ සේවා සභා කණ්ඩායමත් මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සුදුසුකම් ලැබූහ.
පෙරේදා රාත්‍රියේ මහරගම තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති තරගයේදී ක්‍රීඩා වාර පහෙන් පිට පිට තරග වාර තුනක් ජයග්‍රහණය කළ ජාතික තරුණ සේවා සභා කණ්ඩායම 2010 තරුණ සේවා - රූපවාහිනි කාන්තා සූරතාව හිමි කර ගත්තාය.
පිරිමි තරගයේදී ක්‍රීඩා වාර පහේදී 25 – 20, 23 – 25, 25 – 17 හා 25 – 15 වශයෙන් ලකුණු වාර්තා කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල සූරතාව හිමි කර ගත්තේය.
කාන්තා අංශයේ අනු සුරතාව මාවතගම කැෂුවලයින් කණ්ඩායමටත් තෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා පිලටත් හිමි විය.
පිරිමි අංශයෙන් අනුසූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම හිමි කර ගත් අතර තෙවන ස්ථානය ජාතික තරුණ සේවා පිලත් සිව් වැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා පිලත් හිමි කර ගත්තේය.
කාන්තා
සූරතාව තරුණ සේවා රු. 150000 යි. අනු සූරතාව මාවතගම කැෂුවලයින් රු. 100000 යි. තෙවන ස්ථානය ජාතික තරුණ සේවා සභාව රු. 50000 සිව් වන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව රු. 25000 යි.
පිරිමි
සූරතාව - ශ්‍රී ලංකා ගුවන් හමුදාව රු. 150000 යි.
අනුසූරතාව - ශ්‍රී ලංකා නාවික හමුදාව රු. 100000 යි.
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද හමුදාව රු. 50000 යි.
දක්ෂතම ක්‍රීඩකයා (ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ) තිලංග රුක්ෂාන් රු. 100000 ක් දක්ෂතම ක්‍රීඩිකාව (තරුණ සේවා) මධුෂිකා රත්නසිරි රු. 100000 කි.
දක්ෂතම ක්‍රීඩකයින්
දක්ෂතම පන්දු පිරිනමන්නා සුදේශ් චමිල (නාවික) දක්ෂතම පන්දු ලබාගන්නා නුවන් චාමික (ගුවන්) දක්ෂතම පන්දු ඔසවන්නා කසුන් චතුරංග (නාවික) දක්ෂතම ප්‍රහාරක නිර්මාල් චතුරංග (ගුවන්) දක්ෂතම වළක්වන්නා එම්. රිනෝකි (ගුවන්) හා දක්ෂතම පිටිය රකින්නා ධනුෂ්ක උදයංග (නාවික) ත්‍යාග ප්‍රදානෝත්සවය යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා, ආර්ථික ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, බස්නාහිර ක්‍රීඩා ඇමැති උපාලි කොඩිකාර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි

Comments

Popular posts from this blog

වොලිබෝලයේ පියා සහ ඉතිහාසය

වොලිබෝල් ක්‍රීඩාවේ උපත විලියම් ජී. මෝගන් 1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී. විලියම් ජී. මොගන් විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින...

Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරිමි අංශයෙන්  ශ්‍රී ලංකා යුධ හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා  නාවික හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා පොලීස් කණ්ඩායම ශ්‍රී ලංකා  වරාය අධිකාරී කණ්ඩයම ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම බෙස්ට් පැසිෆික් කණ්ඩායම ජාතික තරුණ සේවා සභා කණ්ඩායම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ඕශන් ලංකා කණ්ඩායම මැලිබන් කණ්ඩායම ලෙස වූ අතර එයින් පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ඕශන් ලංකා කණ්ඩායම සහභාගී විය.එයින් වට  3- 1 ක ජයක හිමිකර ගනිමින් විදුලිබල.මණ්ඩල කණ්ඩායමත් දෙවන අවසන් පූර්ව තරඟයේදී වරාය අධිකාරී කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරායජ කරමින් ද අවසන මහ තරඟයට සුදුසුකම්.ලබා ගන්නා ලදි කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඔමේගා ලයින් කණ්ඩායම මාස් කැශුව ලයින් කණ්ඩායම ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම ලෙස විය.  අවසන් මහ තරඟ 2024 දෙසැම්බර් මස 11...

වොලිබෝලය වර්ණවත් කල රුවන්වැල්ලෙ රණේ

එතුමාගේ ඡායාරූපයක් සොයා ගත නොහැකි විය ) රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව ජාතික තලයට ඔසවා තැබීම සඳහා තමන්ගේ සියලු ශක්තිය හා කාලය වැය කළ කහවත්තේ ආර්. එම්. ඒ. රත්නායක මැතිතුමා ඉටු කළ මහා මෙහෙවර මෙවැනි සංක්ෂිප්ත සටහනකින් කළ නොහැක. රුවන්වැල්ලේ මැන්දල හි උපත ලබා, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, වොලිබෝල් කී‍්‍රඩාවේ කලඑලි බසින්නේ රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තුළිනි. දක්ෂ කී‍්‍රඩකයකු ලෙස ඉස්මතු වූ රත්නායක මහතා 1980 දී කී‍්‍රඩා නිලධාරියකු ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ සේවයට එක් විය. කහවත්ත, ඔහු පළමු බල ප‍්‍රදේශය විය. පසුව 1987 දී මොණරාගල දිස්ති‍්‍රක් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කර, 1988 දී රත්නපුර දිස්ති‍්‍රක් පුහුණුකරු ලෙස පත්විය. ඉන්පසු ඔහු තමන්ගේ මුළු කාලයම වැය කළේ රත්නපුරයේ අංකුර වොලිබෝල් කී‍්‍රඩකයන්ට උපරිම පුහුණුව ලබා දෙමින්, ඔවුන් ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන්ගේ තැනට ගෙන ඒමටය. ඒ මහා ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම ජාතික කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. රත්නායක මහතා දක්ෂ වොලිබෝල් කී‍්‍රඩකයකු, කී‍්‍රඩා...