Skip to main content

වොලිබෝලෙට ආදරෙ නම්


වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පවතින ක්‍රීඩා අතළොස්‌සක්‌ අතරින් ඉහළින්ම පවතින ක්‍රීඩාවක්‌ බව ඇත්තකි. එසේම එය මෙරට ජාතික ක්‍රීඩාව ලෙස ද සැලකේ. නමුත් මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබොල් ක්‍රීඩාවට දකුණු ආසියාවෙන් එහාට යැමට තරම් නොහැකි වීම තුළ කොතන හෝ ගැටලුවක්‌ තිබෙන බව පෙනේ. මේ නිසාම ශ්‍රී ලංකා බොලිබෝල් සම්මේලනය පසුගිය කාලය පුරාම ඒ සඳහා විසඳුම් සෙවීමේ විවිධ ක්‍රමෝපායන්, පියවර ගන්නා අයුරුද පෙනේ.
 
 ජාතික තලයට ගමේ සිටින දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන ඒමේ එවැනි එක්‌ සාර්ථක ක්‍රමෝපායක්‌ වන්නේ මෙරට තුළ පවතින වෙළෙඳ ආයතන සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුග්‍රාහකත්ව මත ශ්‍රී ලංකාවේ සියලුම කලාප ආවරණය වන ලෙස වොලිබෝල් ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීමයි. ගෙවී ගිය කාලයේ පැවැති මන්චී කුසලාන, ඩී. එස්‌. අයි. කුසලාන සහ ඩයලොග් ජනාධිපති රන් කුසලාන ජාතික වොලිබෝල් තරගාවලි මෙහිදී මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මනා පිටිවහලක්‌ විය.
 
 එළැඹෙන වසරේ (2018) වොලිබෝල් ජාතික ක්‍රීඩා සංචිතය බිහිවන්නේ ඉකුත් තරගාවලි පුරා සිය හැකියාවන් විදහපෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනි.
 
 නමුත් එයින්ම අපේ ජාතික ක්‍රීඩාව පවතින තත්ත්වයෙන් ඉහළට ගෙන යා හැකිද? නැත. ඊට ඇති කෙටිම පිළිතුර එයයි. මන්ද ඉකුත් වසර ගණනාවක සිට ද පෙර කී වෙළෙඳ ආයතනවල අනුග්‍රාහකත්ව මත මෙවැනි තරගාවලි පැවතිණි. එසේ නම් මෙහි ඇත්තේ වෙනත් ගැටලුවකි. එවැනි හඳුනාගත් තවත් එක්‌ ගැටලුවකට ඉදිරි වසරේදී විසඳුම් දීමට මූලික පියවරක්‌ තබා ඇති බව ජාතික වොලිබෝල් සම්මේලනය පැත්තෙන් අසන්නට ලැබේ. ඒ ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවේ තාක්‍ෂණික අංශය දියුණු කිරීම සඳහා ලෝක වොලිබෝල් සංගමයේ සහාය ලබා ගැනීමට මේ වන විටත් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය පියවර ගෙන තිබීමයි. නමුත් එවැනි පසුබිමකදී වුවද තවමත් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක්‌ පැවැත්වීම සඳහා ප්‍රධාන අඩුපාඩුවක්‌ පවතින්නේ ජාත්‍යන්තර තරගයක්‌ පැවැත්විය හැකි ක්‍රීඩා පිටියක්‌ ආසන්නයේ පුහුණුවීම් සඳහා වොලිබෝල් ක්‍රීඩා පිටියක්‌ නොමැති වීමයි. එවැනි පුහුණුවීමේ ක්‍රීඩා පිටියක්‌ ජාත්‍යන්තර තරගාවලියක්‌ සඳහා ප්‍රධාන අවශ්‍යතාවකි. එසේම ජාත්‍යන්තර තරග අත්දැකීම් ද අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීම අපේ වොලිබෝල් තවදුරටත් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා වැදගත් ප්‍රධාන සාධකයකි. ඒ සියල්ල ඉදිරි වසරේදී ඉටුවේවා යන්න අපේ පැතුමයි.
 
 
 
 Ö තිස්‌ස ගුණතිලක

Comments

Popular posts from this blog

වොලිබෝලයේ පියා සහ ඉතිහාසය

වොලිබෝල් ක්‍රීඩාවේ උපත විලියම් ජී. මෝගන් 1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී. විලියම් ජී. මොගන් විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින...

Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරිමි අංශයෙන්  ශ්‍රී ලංකා යුධ හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා  නාවික හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා පොලීස් කණ්ඩායම ශ්‍රී ලංකා  වරාය අධිකාරී කණ්ඩයම ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම බෙස්ට් පැසිෆික් කණ්ඩායම ජාතික තරුණ සේවා සභා කණ්ඩායම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ඕශන් ලංකා කණ්ඩායම මැලිබන් කණ්ඩායම ලෙස වූ අතර එයින් පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ඕශන් ලංකා කණ්ඩායම සහභාගී විය.එයින් වට  3- 1 ක ජයක හිමිකර ගනිමින් විදුලිබල.මණ්ඩල කණ්ඩායමත් දෙවන අවසන් පූර්ව තරඟයේදී වරාය අධිකාරී කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරායජ කරමින් ද අවසන මහ තරඟයට සුදුසුකම්.ලබා ගන්නා ලදි කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඔමේගා ලයින් කණ්ඩායම මාස් කැශුව ලයින් කණ්ඩායම ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම ලෙස විය.  අවසන් මහ තරඟ 2024 දෙසැම්බර් මස 11...

වොලිබෝලය වර්ණවත් කල රුවන්වැල්ලෙ රණේ

එතුමාගේ ඡායාරූපයක් සොයා ගත නොහැකි විය ) රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව ජාතික තලයට ඔසවා තැබීම සඳහා තමන්ගේ සියලු ශක්තිය හා කාලය වැය කළ කහවත්තේ ආර්. එම්. ඒ. රත්නායක මැතිතුමා ඉටු කළ මහා මෙහෙවර මෙවැනි සංක්ෂිප්ත සටහනකින් කළ නොහැක. රුවන්වැල්ලේ මැන්දල හි උපත ලබා, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, වොලිබෝල් කී‍්‍රඩාවේ කලඑලි බසින්නේ රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තුළිනි. දක්ෂ කී‍්‍රඩකයකු ලෙස ඉස්මතු වූ රත්නායක මහතා 1980 දී කී‍්‍රඩා නිලධාරියකු ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ සේවයට එක් විය. කහවත්ත, ඔහු පළමු බල ප‍්‍රදේශය විය. පසුව 1987 දී මොණරාගල දිස්ති‍්‍රක් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කර, 1988 දී රත්නපුර දිස්ති‍්‍රක් පුහුණුකරු ලෙස පත්විය. ඉන්පසු ඔහු තමන්ගේ මුළු කාලයම වැය කළේ රත්නපුරයේ අංකුර වොලිබෝල් කී‍්‍රඩකයන්ට උපරිම පුහුණුව ලබා දෙමින්, ඔවුන් ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන්ගේ තැනට ගෙන ඒමටය. ඒ මහා ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම ජාතික කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. රත්නායක මහතා දක්ෂ වොලිබෝල් කී‍්‍රඩකයකු, කී‍්‍රඩා...