Skip to main content

Posts

වොලිබෝලෙට ආදරෙ නම්

වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පවතින ක්‍රීඩා අතළොස්‌සක්‌ අතරින් ඉහළින්ම පවතින ක්‍රීඩාවක්‌ බව ඇත්තකි. එසේම එය මෙරට ජාතික ක්‍රීඩාව ලෙස ද සැලකේ. නමුත් මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබොල් ක්‍රීඩාවට දකුණු ආසියාවෙන් එහාට යැමට තරම් නොහැකි වීම තුළ කොතන හෝ ගැටලුවක්‌ තිබෙන බව පෙනේ. මේ නිසාම ශ්‍රී ලංකා බොලිබෝල් සම්මේලනය පසුගිය කාලය පුරාම ඒ සඳහා විසඳුම් සෙවීමේ විවිධ ක්‍රමෝපායන්, පියවර ගන්නා අයුරුද පෙනේ.    ජාතික තලයට ගමේ සිටින දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන ඒමේ එවැනි එක්‌ සාර්ථක ක්‍රමෝපායක්‌ වන්නේ මෙරට තුළ පවතින වෙළෙඳ ආයතන සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුග්‍රාහකත්ව මත ශ්‍රී ලංකාවේ සියලුම කලාප ආවරණය වන ලෙස වොලිබෝල් ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීමයි. ගෙවී ගිය කාලයේ පැවැති මන්චී කුසලාන, ඩී. එස්‌. අයි. කුසලාන සහ ඩයලොග් ජනාධිපති රන් කුසලාන ජාතික වොලිබෝල් තරගාවලි මෙහිදී මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මනා පිටිවහලක්‌ විය.    එළැඹෙන වසරේ (2018) වොලිබෝල් ජාතික ක්‍රීඩා සංචිතය බිහිවන්නේ ඉකුත් තරගාවලි පුරා සිය හැකියාවන් විදහපෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනි. ...

මෙතෙක් වසර කීපයක් වයඹින් ගිලිහී ගිය පාසල් බාලක වොලිබෝලය සබරගමුවෙන් උදුරා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සරෙත් ,මාරවිල සේවියර් විද්‍යාලත් සමත් විය.

 වසර කීපයක් වයඹින් ගිලිහී ගිය පාසල් බාලක වොලිබෝලය සබරගමුවෙන් උදුරා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සරෙත් ,මාරවිල සේවියර් විද්‍යාලත් සමත් විය. සබරගමුව ගත් කල රුවන්වැල්ල රාජසිංහ ව්ද්‍යාලය පාසල් වොලිබෝලය මෙන්ම විවුර්ත අංශයේද ජයකෙලි නංවන පාසලකි.නමුත් ඔවුන්ගේ ආදීපත්‍ය වයඹ හමුවේ මේ වන විට ගිලිහෙමින් පවති. මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය පාසල් වොලිබෝල් ඉතිහාසයේ බිඳෙන් බිඳ තමන්ට හිමි ස්ථානයන් ආක්‍රමණය කරනවා. ඒ අනුව ඔවුන් 2015 වසරේ දී වයස අවුරුදු 15න් පහළ ජාතික පාසල් ශූරතාවත් සහ වයස අවුරුදු 17න් පහළ එම තරගාවලියේම අනු ශූරතාවත් හිමි කර ගන්නවා. අනතුරුව 2016 වසරේ දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ අනු ශූරතාවත් 16න් පහළ ශූරතාවත් දිනා ගන්නවා. එම වසරේම වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ පාසල් ජාතික වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. මේ දක්ෂතාත් සමඟින් ගෙවී යන වසරේ (2017) පාසල් වොලිබෝල් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට ඔවුන්ට හැකි විය. ඒ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ යන වයස් කාණ්ඩවල දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ ශූරතා ත...

2018 සැප්තැම්බර් මස පැවැත්වෙන ආසියානු ශූරතාවලියට සත්කාරකත්වය සොයන ශ්‍රී ලංකාව

ආසියානු වොලිබෝල් සමුළුවට පළමු වතාවට හඳුන්වා දෙන පළමු ආසියානු අභියෝග ශූරතා (පිරිමි) තරගාවලියේ සත්කාරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවී සිටින බව වාර්තාවේ. එම තරගාවලිය ලබන සැප්තැම්බර් 15 සිට 22 දක්වා පැවැත්වීමට ආසියානු වොලිබෝල් සමුළුව දැනට සැලසුම් කර තිබේ. රටවල් අටක් සහභාගි වන එම තරගාවලියේ සත්කාරය බාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතර මූලික  සාකච්චාවක් ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුණහොත් වසර 101ක් පිරෙන ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ වොලිබෝල් තරගාවලියක ශ්‍රී ලංකාව සත්කාරය දරන පළමු අවස්ථාව එය වනු ඇත. ශ්‍රී ලංකාව අවසන් වරට 2012 ආසියානු යොවුන් පිරිමි (කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ) වොලිබෝල් තරගාවලිය කොළඹදී සංවිධානය කරමින් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලිය අවසන් වරට සත්කාරය දරා තිබේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව  සත්කාරය දරන්නේ නම් ඒ සඳහා රුපියල් මිලියන 60 ක පමණ වියදමක් දැර...

2010 තරුණ සේවා - රූපවාහිනී සුපර් ලීග්වොලිබෝල් පිරිමි සූරතාව ගුවන් හමුදාවටකාන්තා සූරියෝ තරුණ සේවා සභාවෙන්

කාන්තා ශූරතාව හිමි කර ගත් ජාතික තරුණ සේවා කණ්ඩායමේ නායිකාව මධුශිකා රත්නසිරි තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම හා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති හා නියෝජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා යන මහතුන් අතින් ශූරතා සංකේතය මුදල් ත්‍යාගය රු. 150,000 ලබාගත් අවස්ථාවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාද මෙහි දැක්වේ. ඡායාරූපය - මහරගම විශේෂ ජාතික තරුණ සේවා සභාව, යෞවන කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරන ලද 26 වන තරුණ සේවා රූපවාහිනී සුපර් ලීග් වොලිබෝල් අභියෝගතා තරගාවලියේ සූරතා (පිරිමි) ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ (කාන්තා) ජාතික තරුණ සේවා සභා කණ්ඩායම හිමි කර ගනිති. මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 52 ක් සහ කාන්තා කණ්ඩායම් 28 ක් සහභාගි වූහ. මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ උතුරු නැගෙනහිර නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් වීමයි. අවසන් මහා තරගවලට කාන්තා අංශයෙන් ජාතික තරුණ සේවා සභා කණ්ඩායමත් මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සුදුසුකම් ලැබූහ. පෙරේදා රාත්‍රියේ මහරගම තරුණ මධ්‍යස්ථාන ගෘහස...

2016 - තරුණසේවා වොලිබෝල් පිටියේ දී යුද හමුදාව අණසක පතුරවයි

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධාන කළ 30 වැනි ‘තරුණ සේවා - රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල්’ තරගාවලියේ සුපර්ලීග් කාන්තා/පිරිමි ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් සමත් විය. මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේදී සුපර් ලීග් පිරිමි අවසන් තරගයේදී යුද හමුදා හමුවේ විදුලිබල මණ්ඩල කණ්ඩායම 3-0කින් පරාජයට පත් විය. ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ මුල් වට දෙක ජය ගැනීමට යුද හමුදාව සමත් වූයේ 25-20ක් හා 25-17ක් ලෙසිනි. එහෙත් තෙවැනි වටයේදී සාර්ථක යළි තරගයට අවතීර්ණ වූ විදුලිබල ක්‍රීඩකයෝ තෙවැනි හා සිවුවැනි වට ජය ගනිමින් සම තත්වයට පිවිසියේය. එම වටයන් නිමාවූයේ ලකුණු 25-21ක් හා 27-25ක් ලෙසිනි. එහෙත් යළි ක්‍රියාත්මක වූ යුද හමුදාව ලකුණු 15-0ක් පස්වැනි වටය ජය ගත්තේ සුපර් ලීග් කිරුළට හිමිකම් කියමිනි. සුපර් ලීග් කාන්තා අවසන් තරගයේදී නාවික හමුදාව වට 3-1කින් පරාජය කිරීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ. තරගයේ පළමු වටය 25-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූවද ලකුණු 25/19, 25/21 හා ...

කඩ්ඩේ රැස්‌ නැත' මහඋස්‌වැව ශ්‍රී රතනපාල විදුහලේ දරුවන්ගේ කතාව

* ඉස්‌කෝලෙ ඉංග්‍රීසි උගන්වන්න පටන් ගන්නේ පාන්දර 5 ට * ගුරුතුමා ඉස්‌කෝලෙට එන්නෙ කිලෝමීටර 40 මෝටර් සයිකල් පැදන් * දරුවො ඉංග්‍රීසි කතා කරන්නෙ එංගලන්තෙ ළමයි වගේ නගරයේ උසස්‌ පාසලක සිසු දරුවනට මෙන් තමනටද ඉතා උසස්‌ ලෙස ඉංග්‍රීසි භාෂාව, වතුර මෙන් චතුර ලෙස කතා කළ හැකි බව ඒ ගම්බද දරුවෝ ක්‍රියාවෙන්ම රටට ඔප්පු කළහ. "කඩුව" නමැති ආයුධය තමන්ටද හොඳින් භාවිත කළ හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. ඉංග්‍රීසි කතා කිරීම නගරයේ දරුවන්ට "අරුමයක්‌" නොවෙතත්, අඩු තරමේ ඉංග්‍රීසි පත්තරයක්‌ වත් නැති, ඉංග්‍රීසි අකුරකුදු නොදන්නා හේන්, කුඹුරු ගොවීන්ගේ දූ පුතුන් වන ගැමි දරුවනට නම් ඉංග්‍රීසිය කරුමයක්‌මය. එසේ තිබියදී මේ ගම්බද දරුවෝ ඒ දස්‌කම කළේ කෙසේද...? ඉංග්‍රීසි කතා කරන ඉස්‌කෝලෙ සොයා මම බොහෝ දුරක්‌ ගියෙමි. ගම්බද පාසල්වලද, ගැමි දරුවන්ගේ දෙමාපියන්ගේද ආර්ථික දුෂ්කරතාව, අසීරු ජීවන රටාව හොඳින් හඳුනන මා අතරමගදී දිගටම සිතමින් ගියේ දරුවන් මේ අසීරු ක්‍රියාවලිය කෙසේ සිදු කරන්නේ දැයි සිතමිනි. ආණමඩුව නගරයේ සිට නවගත්තේගම මාර්ගයේ කිලෝමීටර් දොළහක්‌ පමණ දුර ගෙවා ගොවීන් වෙසෙන මහඋස්‌වැව ප්‍රදේශයේ මහඋස්‌වැව ශ්‍රී රතන...

ජාතික ක්‍රීඩාව සහ අනාගතය

ක්‍රීඩාවේ දැනුමැතියන් හිඟයි - දයාසිරි 2017-08-26 20:55:03 | සුසිල් ප්‍රේමලාල්   2     0     0     1     1 Views  938 බොහෝ ජාතික ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා සැලසුම් සකස්කිරීම සඳහා දැනුමැති නිලධාරීන් නොමැති වීම කණගාටුවට කරුණක් බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ පසුබැස්මට ප්‍රධාන හේතුවද දීර්ඝ කාලීන සැලැස්මක් ජාතික ක්‍රීඩා සංගම් සතුව නොතිබීම බවත්, තමා සෑම ජාතික ක්‍රීඩා සංගමයකටම අදාළ ක්‍රීඩාව වෙනුවෙන් පස් අවුරුදු ජාතික සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අතළොස්සක් බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (26 දා) පෙරවරුවේ ආරම්භ වූ වොලිබෝල් ජාතික සමු`එවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ක්‍රීඩා ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය. මෙම දෙදින සමුළුව හෙට (27 දා) අවසන් වේ. වසර 100ක් (1916-2016) සපිරි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ තුන්වැනි ජාතික සමු`එව මෙයයි.  මීට පෙර 1984 දී චරිත රත්වත්තේ මහතා සභාපති තනතුර හෙබවූ කා...