Skip to main content

Posts

ජාතික ක්‍රීඩාව සහ අනාගතය

ක්‍රීඩාවේ දැනුමැතියන් හිඟයි - දයාසිරි 2017-08-26 20:55:03 | සුසිල් ප්‍රේමලාල්   2     0     0     1     1 Views  938 බොහෝ ජාතික ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා සැලසුම් සකස්කිරීම සඳහා දැනුමැති නිලධාරීන් නොමැති වීම කණගාටුවට කරුණක් බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ පසුබැස්මට ප්‍රධාන හේතුවද දීර්ඝ කාලීන සැලැස්මක් ජාතික ක්‍රීඩා සංගම් සතුව නොතිබීම බවත්, තමා සෑම ජාතික ක්‍රීඩා සංගමයකටම අදාළ ක්‍රීඩාව වෙනුවෙන් පස් අවුරුදු ජාතික සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අතළොස්සක් බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (26 දා) පෙරවරුවේ ආරම්භ වූ වොලිබෝල් ජාතික සමු`එවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ක්‍රීඩා ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය. මෙම දෙදින සමුළුව හෙට (27 දා) අවසන් වේ. වසර 100ක් (1916-2016) සපිරි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ තුන්වැනි ජාතික සමු`එව මෙයයි.  මීට පෙර 1984 දී චරිත රත්වත්තේ මහතා සභාපති තනතුර හෙබවූ කා...

ආසියාව තුළ කාන්තා වොලිබෝලය

1991 වසරේ සාක් රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් වාර්තා වූ ජාත්‍යන්තර වොලිබෝල් ජයග්‍රහණයක් නැත. එහෙත් 1999 වසරේදීත් ඉන්දියාවට එරෙහිව වට 5ක තරගයක් දිය හැකි තරගකාරී කාන්තා කණ්ඩායමක් අප සතුවිය. දස්කම් සහිත වුවද යම් හේතුවක් නිසා පසුපසට යන බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2009 වසරේදී යළිත් හිස ඔසවන්නට සමත් වූයේ ආසියාවේ 9 වැනි ස්ථානය දිනා ගනිමිනි. 2017 වසරේ ආස ියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩයෙන් එක්වන්නේ 2015 වසරේ දෙවන ස්ථානය දිනාගත් දකුණු කොරියාවත්, 5 වැනි ස්ථානය දිනාගත් වියට්නාමයත් සමඟයි. ශ්‍රී ලංකාවට 2015 වසරේදී හිමිවූයේ 14 වැනි ස්ථානයයි. වොලිබෝල් ඉතිහාසය අතින් ශ්‍රී ලංකාව වියට්නාමය ඉක්මවා සිටියත් මෑතක සිට වියට්නාමයේ වොලිබෝල් දස්කම්වල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගියදා අවසන් වූ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමටද ඔවුන් සමත් විය. 2007 වසරේ සිට මේ දක්වා කාන්තා වොලිබෝල් ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉරේෂා පෙරේරා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. “තායිලන්තය, වියට්නාමය වගේ රටවල්වල ගොඩා...

වොලිබෝලය වර්ණවත් කළ රත්නපුරේ විජේපාල

( සැ..යු.2010 සිළුමිණ ලිපියකි )  කලුආරච්චිගේ කුලසිරි විජේපාල හෙවත් කේ.ඒ.කේ. විජේපාල නම් වූ ළබැඳි සොයුරා පිළිබඳව සටහනක් ලිවීමට සිළුමිණෙන් මා ලද ඇරැයුම ඉත සිතින් බාර ගත්තේ ඔහුගෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්ෂේත්‍රයට සිදුවූ අමිල සේවය අගය කිරීමක් වශයෙනි. 50 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවට පැමිණි මදුරාසි වොලිබෝල් පිල අපේ ක්‍රීඩාව උඩු යටිකුරු කිරීමට සමත් වූ බව මා පුවත්පත් වලින් කියවා ඇත. දසැඟිලි වලින් පන්දුව මෙහෙයවීමේ ශිල්පීය (හිසට උඩින් පන්දුව පාස් කිරීම) දක්ෂතාව ඇතැම් වොලිබෝල් බලධාරීන් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ නීති සම්පාදනයට ගත් පියවර නිසා ක්‍රීඩාව වළ පල්ලට යැවූ අයුරු මා සිත් තුළ හොඳින් පැල පදියම් වී තිබේ. මේ තත්ත්වය 60 දශකය පුරා ක්‍රීඩාවට වින කළ බව පැරණි ක්‍රීඩකයින් වුව ද සාක්ෂි දරනු නොඅනුමානය. වොලිබෝල් සංගමය පැනවූ නීති රීතිවලට අනුව විනිශ්චය ලබාදීම නිසා විනිසුරුවන් අපහසුතාවයට පත් වූ අතර ක්‍රීඩකයිනට නිදහසේ ක්‍රීඩා කිරීමට තිබූ ඉඩකඩ මුළුමනින් ම ඇහිරී යාම නිසා සමස්ථ ක්ෂේත්‍රයම අර්බුදයට ලක්විණි. මේ තත්ත්වය මෙසේ පවතිද්දී ළදරු ක්‍රීඩා අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ නැඟෙනහිර ජර්...

පරණ දක්ශයන් අමතක වොලිබෝල් කළාව

වසර 100 ක් පසු කර ජාතික ක්‍රීඩාවේ ඉහල තලයක සිටින ශ්‍රී ලංකාවේ අතීතය වර්තමානය තරම් සුන්දර නැත.අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත ආ ජාතික ක්‍රීඩාව රැක ගැනීමට අන්තර්ජාතික තලයේ ඔස...

පොල්කටු හැදි හදා ජීවත් වන ගම්පහ දෙවනි වොලිබෝල්.සිරා

ගල්කිරියාගම රළු පොලොව හා ගැටෙමින් පොල් කටු හැදි සාදමින් කටුක දිවියක් ගත කරන ඔහුගේ දෑත එදා වොලිබෝලයට දුන් පහරවල් අපමනය.ගම්පහ කරුවලමුල්ල පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගම්පහ රාහුලෙන් වොලිබෝල් පිටියට පැමිනි ඔහු සයුරෙන් එතරට යන්නට තරම් වාසනාව නොලැබීය.ඔහුනම්.කීවේ එදා පැවති දේශපාලන දිරි නොගැන්වීම.නිසා කියාය. ඔහු ගම්පහ එදිරිතිලකයි. මුලින් රිටි පැනීම,දුර.පැනීම දක්ශයෙකු වුවත් පසුව.වොලිබෝල් ක්‍රීඩාවට යොමුවීමත් සමග එදිරිතිලකගේ.වොලිබෝලෙ ප්‍රගුන විය. ගම්පහ රාහුලේ සිටින.අවධියේ එක් තරගයකයදී පන්දු පිරිනැමීමෙන්ම තරග වටයක් දිනපු බව ඔහු පැවසීය...එනම්.එක දිගට පන්දු 14 ක්.පිරිනමා ජය ගැනීමයි.ඒ තරමටම ඔහුගේ පන්දු පිරිනැමීම ප්‍රබල වූ නිසාය. 1959 දී.ආරම්බ්භ කල වොලිබෝලය පසුව ක්‍රීඩා සමාජ දක්වා ක්‍රීඩා.කිරීමට ඔහුට අවස්ථාව.ලබා දෙන්නට එකල ආසියාවේ ප්‍රබලයා වූ ගම්පහ සිරිවර්ධන.හමු විය. පසුව.වෝකර් ආයතනයේ ක්‍රීඩා.කන්ඩායම නියෝජනය කරමින් වෝකර් ආයතනයට ජයග්‍රහන රැසක් ගෙන ඒමට සමත් විය වරෙක.ශ්‍රී.ලංකා ගුවන් විදුලි සේවයේ ක්‍රීඩා අංශය ආරාම්භ කල මුල්ම දිනයේ.වොලිබෝල් තරගයක් පැවැව්ත්විය.එහි අවස...

හැට පැන්නත් වොලිබෝලයට පෙම් බැඳි ඇල්පිටිය කහදුව මිරිස්වත්තේ පදිංචි පොඩි ජිනේ

මි නිසා ඉපදී ජීවත්ව මිය යන කාල පරාසය තුළ ඇබ්බැහිකම් ඇත්තේ ය. ඇතැම් අබ්බැහිකම් ආරම්භ වන්නේ හුදු විනෝදය හෝ ආසාව පදනම් කරගෙන ය. මේ ඇබ්බැහිකම් හොඳ ඒවා මෙන් ම විටෙක අහිතකර ඒවා ද වේ. කෙසේ වෙතත් ආශාව නිසා ම ජීවිතයට පුරුදු පුහුණු කළ ක්‍රීඩාවක නියැළෙන්නෙකු ඉකුත් දා අපට හමු විය. ඔහු ඇල්පිටිය කහදුව මිරිස්වත්තේ පදිංචි ජිනදාස රන්දෙනිය මහතා ය. එක්දහස් නමසිය තිස්පහ අවුරුද්දේදී උපන් ජිනදාස මේ ගෙවන්නේ හැත්තෑ හතර වැනි වියයි. පෙනුමින් ඔහු තවමත් මැදිවියේ අයකු මෙනි. පෙනුම කෙසේ වෙතත් ඔහු තරුණයකු මෙන් ජවසම්පන්නය. ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ විට ඔහු දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි. වයස අවුරුදු දොළහේදී පමණ වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ඔහු තවමත් පිටියේ ක්‍රීඩා කරන්නෙකි. ක්‍රීඩාව ඔහුගේ ඇඟේ ම ඇත්තේ ය. කලක් ජාතික කිරි මණ්ඩලයේ රියදුරෙකු වශයෙන් රැකියාව කළ ඔහු පසුව තමන්ගේ ම ටැක්සියක සේවය කළේ ය. ජිනදාසට වොලිබෝල් කියූ විට ඊට එහා දෙයක් නැත. ඔහු ඒ තරමටම ක්‍රීඩාවට ආසා කරන්නේ ය. උනන්දු වන්නේ ය. ආදරය කරන්නේ ය. “පාසල් කාලේ ඉඳලම මම ක්‍රීඩා කළා. මම තරුණ කාලේ තිස්ස ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. ඒ කාලේ අපේ කණ්ඩායමේ නායකත්ව...

දැලේ පැටළුණු වොලිබෝලය දැලෙන් බේරා ගනිමු

වොලිබෝලය අද අපේ ජාතික ක්‍රීඩාව. ඒ වගේම වොලිබෝල් ක්‍රීඩාව අපේ රටේ පවතින පැරැණිම ක්‍රීඩාවයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන තැන එදා තිබුණේ වොලිබෝලයටයි. එදා සෑම ගමකම හැන්දෑවට වොලිබොල් ක්‍රීඩා කළේ අපේ තරුණ පිරිසයි. අද ක්‍රීඩා ලෝලීන් වැඩි පිරිසකගේ ක්‍රීඩා වීරයන් වන සනත්, අර්ජුන, මුරලි වාගේම එදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වීරයන් වෙලා හිටියේ ගම්පහ සිරිවර්ධන, චාල්ස් වැනි අයයි. පසුගියදා පැවැත්වුණු සාෆ් ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකාවට 2 ස්ථානය හිමිවිය. ඉන්දියාව, පාකිස්තානය ඉන්නේ අපිට ඉහළිනි. ආසියාවේ වොලිබෝල් ගහන රටවල් දහහතරක් අතුරින් අප ඉන්නේ දහතුන් වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයක්, පුෂ්පයක්, නම් කරද්දී එවකට සිටි ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාට නියම කළේ ලංකාවට උචිත ජාතික ක්‍රීඩාවක් ද නම් කරන ලෙසය. මේ සඳහා විශේෂ කමිටුවක්ද පත් කළේය. එයට මහාචාර්ය විනී විතාරණ, පණ්ඩුල ඇඳිගම ඇතුළු ප්‍රවීණයෝ ඇතුළත් කළහ. ඔව්හු කරුණු සොයා ලංකාවට සුදුසු ජාතික ක්‍රීඩාව කුමක්ද කියා තීරණය කළහ. ලංකාවේ පුරාණයේ සිටම පැවැති, අඩුවියදමකින්, ශාරීරික වර්ධනයට තුඩුදෙන අයුරින් කළ හැකි ක්‍රීඩාවක් පිළිබඳව කරුණු භාජනය වි...