Skip to main content

Posts

පරණ දක්ශයන් අමතක වොලිබෝල් කළාව

වසර 100 ක් පසු කර ජාතික ක්‍රීඩාවේ ඉහල තලයක සිටින ශ්‍රී ලංකාවේ අතීතය වර්තමානය තරම් සුන්දර නැත.අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත ආ ජාතික ක්‍රීඩාව රැක ගැනීමට අන්තර්ජාතික තලයේ ඔස...

පොල්කටු හැදි හදා ජීවත් වන ගම්පහ දෙවනි වොලිබෝල්.සිරා

ගල්කිරියාගම රළු පොලොව හා ගැටෙමින් පොල් කටු හැදි සාදමින් කටුක දිවියක් ගත කරන ඔහුගේ දෑත එදා වොලිබෝලයට දුන් පහරවල් අපමනය.ගම්පහ කරුවලමුල්ල පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගම්පහ රාහුලෙන් වොලිබෝල් පිටියට පැමිනි ඔහු සයුරෙන් එතරට යන්නට තරම් වාසනාව නොලැබීය.ඔහුනම්.කීවේ එදා පැවති දේශපාලන දිරි නොගැන්වීම.නිසා කියාය. ඔහු ගම්පහ එදිරිතිලකයි. මුලින් රිටි පැනීම,දුර.පැනීම දක්ශයෙකු වුවත් පසුව.වොලිබෝල් ක්‍රීඩාවට යොමුවීමත් සමග එදිරිතිලකගේ.වොලිබෝලෙ ප්‍රගුන විය. ගම්පහ රාහුලේ සිටින.අවධියේ එක් තරගයකයදී පන්දු පිරිනැමීමෙන්ම තරග වටයක් දිනපු බව ඔහු පැවසීය...එනම්.එක දිගට පන්දු 14 ක්.පිරිනමා ජය ගැනීමයි.ඒ තරමටම ඔහුගේ පන්දු පිරිනැමීම ප්‍රබල වූ නිසාය. 1959 දී.ආරම්බ්භ කල වොලිබෝලය පසුව ක්‍රීඩා සමාජ දක්වා ක්‍රීඩා.කිරීමට ඔහුට අවස්ථාව.ලබා දෙන්නට එකල ආසියාවේ ප්‍රබලයා වූ ගම්පහ සිරිවර්ධන.හමු විය. පසුව.වෝකර් ආයතනයේ ක්‍රීඩා.කන්ඩායම නියෝජනය කරමින් වෝකර් ආයතනයට ජයග්‍රහන රැසක් ගෙන ඒමට සමත් විය වරෙක.ශ්‍රී.ලංකා ගුවන් විදුලි සේවයේ ක්‍රීඩා අංශය ආරාම්භ කල මුල්ම දිනයේ.වොලිබෝල් තරගයක් පැවැව්ත්විය.එහි අවස...

හැට පැන්නත් වොලිබෝලයට පෙම් බැඳි ඇල්පිටිය කහදුව මිරිස්වත්තේ පදිංචි පොඩි ජිනේ

මි නිසා ඉපදී ජීවත්ව මිය යන කාල පරාසය තුළ ඇබ්බැහිකම් ඇත්තේ ය. ඇතැම් අබ්බැහිකම් ආරම්භ වන්නේ හුදු විනෝදය හෝ ආසාව පදනම් කරගෙන ය. මේ ඇබ්බැහිකම් හොඳ ඒවා මෙන් ම විටෙක අහිතකර ඒවා ද වේ. කෙසේ වෙතත් ආශාව නිසා ම ජීවිතයට පුරුදු පුහුණු කළ ක්‍රීඩාවක නියැළෙන්නෙකු ඉකුත් දා අපට හමු විය. ඔහු ඇල්පිටිය කහදුව මිරිස්වත්තේ පදිංචි ජිනදාස රන්දෙනිය මහතා ය. එක්දහස් නමසිය තිස්පහ අවුරුද්දේදී උපන් ජිනදාස මේ ගෙවන්නේ හැත්තෑ හතර වැනි වියයි. පෙනුමින් ඔහු තවමත් මැදිවියේ අයකු මෙනි. පෙනුම කෙසේ වෙතත් ඔහු තරුණයකු මෙන් ජවසම්පන්නය. ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ විට ඔහු දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි. වයස අවුරුදු දොළහේදී පමණ වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ඔහු තවමත් පිටියේ ක්‍රීඩා කරන්නෙකි. ක්‍රීඩාව ඔහුගේ ඇඟේ ම ඇත්තේ ය. කලක් ජාතික කිරි මණ්ඩලයේ රියදුරෙකු වශයෙන් රැකියාව කළ ඔහු පසුව තමන්ගේ ම ටැක්සියක සේවය කළේ ය. ජිනදාසට වොලිබෝල් කියූ විට ඊට එහා දෙයක් නැත. ඔහු ඒ තරමටම ක්‍රීඩාවට ආසා කරන්නේ ය. උනන්දු වන්නේ ය. ආදරය කරන්නේ ය. “පාසල් කාලේ ඉඳලම මම ක්‍රීඩා කළා. මම තරුණ කාලේ තිස්ස ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. ඒ කාලේ අපේ කණ්ඩායමේ නායකත්ව...

දැලේ පැටළුණු වොලිබෝලය දැලෙන් බේරා ගනිමු

වොලිබෝලය අද අපේ ජාතික ක්‍රීඩාව. ඒ වගේම වොලිබෝල් ක්‍රීඩාව අපේ රටේ පවතින පැරැණිම ක්‍රීඩාවයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන තැන එදා තිබුණේ වොලිබෝලයටයි. එදා සෑම ගමකම හැන්දෑවට වොලිබොල් ක්‍රීඩා කළේ අපේ තරුණ පිරිසයි. අද ක්‍රීඩා ලෝලීන් වැඩි පිරිසකගේ ක්‍රීඩා වීරයන් වන සනත්, අර්ජුන, මුරලි වාගේම එදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වීරයන් වෙලා හිටියේ ගම්පහ සිරිවර්ධන, චාල්ස් වැනි අයයි. පසුගියදා පැවැත්වුණු සාෆ් ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකාවට 2 ස්ථානය හිමිවිය. ඉන්දියාව, පාකිස්තානය ඉන්නේ අපිට ඉහළිනි. ආසියාවේ වොලිබෝල් ගහන රටවල් දහහතරක් අතුරින් අප ඉන්නේ දහතුන් වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයක්, පුෂ්පයක්, නම් කරද්දී එවකට සිටි ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාට නියම කළේ ලංකාවට උචිත ජාතික ක්‍රීඩාවක් ද නම් කරන ලෙසය. මේ සඳහා විශේෂ කමිටුවක්ද පත් කළේය. එයට මහාචාර්ය විනී විතාරණ, පණ්ඩුල ඇඳිගම ඇතුළු ප්‍රවීණයෝ ඇතුළත් කළහ. ඔව්හු කරුණු සොයා ලංකාවට සුදුසු ජාතික ක්‍රීඩාව කුමක්ද කියා තීරණය කළහ. ලංකාවේ පුරාණයේ සිටම පැවැති, අඩුවියදමකින්, ශාරීරික වර්ධනයට තුඩුදෙන අයුරින් කළ හැකි ක්‍රීඩාවක් පිළිබඳව කරුණු භාජනය වි...

වොලිබෝලයේ පියා සහ ඉතිහාසය

වොලිබෝල් ක්‍රීඩාවේ උපත විලියම් ජී. මෝගන් 1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී. විලියම් ජී. මොගන් විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින...

රුවන්වැල්ල රාජසිංහෙන් බිහි වූ වොලිබෝල් රනේ

එතුමාගේ ඡායාරූපයක් සොයා ගත නොහැකි විය ) රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව ජාතික තලයට ඔසවා තැබීම සඳහා තමන්ගේ සියලු ශක්තිය හා කාලය වැය කළ කහවත්තේ ආර්. එම්. ඒ. රත්නායක මැතිතුමා ඉටු කළ මහා මෙහෙවර මෙවැනි සංක්ෂිප්ත සටහනකින් කළ නොහැක. රුවන්වැල්ලේ මැන්දල හි උපත ලබා, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, වොලිබෝල් කී‍්‍රඩාවේ කලඑලි බසින්නේ රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තුළිනි. දක්ෂ කී‍්‍රඩකයකු ලෙස ඉස්මතු වූ රත්නායක මහතා 1980 දී කී‍්‍රඩා නිලධාරියකු ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ සේවයට එක් විය. කහවත්ත, ඔහු පළමු බල ප‍්‍රදේශය විය. පසුව 1987 දී මොණරාගල දිස්ති‍්‍රක් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කර, 1988 දී රත්නපුර දිස්ති‍්‍රක් පුහුණුකරු ලෙස පත්විය. ඉන්පසු ඔහු තමන්ගේ මුළු කාලයම වැය කළේ රත්නපුරයේ අංකුර වොලිබෝල් කී‍්‍රඩකයන්ට උපරිම පුහුණුව ලබා දෙමින්, ඔවුන් ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන්ගේ තැනට ගෙන ඒමටය. ඒ මහා ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම ජාතික කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. රත්නායක මහතා දක්ෂ වොලිබෝල් කී‍්‍රඩකයකු, කී‍්‍රඩා...