Thursday, November 23, 2017

රුවන්වැල්ල රාජසිංහෙන් බිහි වූ වොලිබෝල් රනේ


එතුමාගේ ඡායාරූපයක් සොයා ගත නොහැකි විය )
රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව ජාතික තලයට ඔසවා තැබීම සඳහා තමන්ගේ සියලු ශක්තිය හා කාලය වැය කළ කහවත්තේ ආර්. එම්. ඒ. රත්නායක මැතිතුමා ඉටු කළ මහා මෙහෙවර මෙවැනි සංක්ෂිප්ත සටහනකින් කළ නොහැක.

රුවන්වැල්ලේ මැන්දල හි උපත ලබා, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, වොලිබෝල් කී‍්‍රඩාවේ කලඑලි බසින්නේ රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තුළිනි. දක්ෂ කී‍්‍රඩකයකු ලෙස ඉස්මතු වූ රත්නායක මහතා 1980 දී කී‍්‍රඩා නිලධාරියකු ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ සේවයට එක් විය.

කහවත්ත, ඔහු පළමු බල ප‍්‍රදේශය විය. පසුව 1987 දී මොණරාගල දිස්ති‍්‍රක් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කර, 1988 දී රත්නපුර දිස්ති‍්‍රක් පුහුණුකරු ලෙස පත්විය.

ඉන්පසු ඔහු තමන්ගේ මුළු කාලයම වැය කළේ රත්නපුරයේ අංකුර වොලිබෝල් කී‍්‍රඩකයන්ට උපරිම පුහුණුව ලබා දෙමින්, ඔවුන් ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන්ගේ තැනට ගෙන ඒමටය.

ඒ මහා ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම ජාතික කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. රත්නායක මහතා දක්ෂ වොලිබෝල් කී‍්‍රඩකයකු, කී‍්‍රඩා පරිපාලකයකු මෙන්ම, අති විශිෂ්ට වොලිබෝල් විනිසුරුවරයකු ද වේ.

1988 කොරියාවේ සියෝල් නුවර පැවති ඔලිම්පික් උළෙලේ වොලිබෝල් විනිසුරුවරයකු ලෙසද කටයුතු කරමින්, අප රටට මහත් ගෞරවයක් අත්කර දුන් ලංකා පුත‍්‍රයෙකි.

වොලිබෝල් කී‍්‍රඩාව රත්නපුරයේ ජය කෙහෙලි නැංවීමට සිහින දුටු රත්නායක මහතා නිරන්තරයෙන් වොලිබෝල් පුහුණු කඳවුරු සංවිධානය කරමින් සබරගමු පළාතේ විසිරී පැතිරී සිටි දක්ෂතා පිරි වොලිබෝල් කී‍්‍රඩකයන්ට ලබාදුන් සහයෝගය අදත් බොහෝ දෙනකු සිහි කරන්නේ ඉතාමත් බැතිබරවය.

අද ස්වකීය වෘත්තීය ජීවිතයෙන් විශ‍්‍රාම ගොස් වෙසෙන රත්නායක මහතාට ඒ මහතා කළ සේවය අගයනුවස් ඒ මහතාගේ සමකාලීනයන් හා වෘත්තීය සගයන්ද සිසු පරපුරද සමඟ එක්ව, රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් නගා සිටුවීමට  කටයුතු කරමින් සිටී.

මෙවැනි ප‍්‍රවීණ වොලිබෝල් කී‍්‍රඩකයකු ඇගයීමට රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයට අවස්ථාව ලැබීමද සතුටට කරුණකි.ම්










No comments:

Post a Comment

Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරි...